බලංගොඩ කස්සප හිමි වස් වැසූ ගමේ වනඅලි තුන්වෙනි පාරටත් ගෙය කඩා බිඳ දමයි - පුංචි දියණියන් දෙන්නා අනූනවයෙන් දිවි බේරාගනී

Report

අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොල්ලෙබැද්ද ග්‍රාමසේවා වසමේ පිහිටි සිරි සිදුහත් විහාරයේ කස්සප හිමි මෙවර වස් වාසය කරන්නට යෙදී ඇත එම ගමෙහි දායක ගම්වැසියෙකුගේ නිවසන් තුන්වන වරටත් වනඅලි විසින් කඩා බිදදමා ඇති අතර බලධාරීහු නිහඩ බව සදහන් වේ .

අද දින බලංගොඩ කස්සප හිමි එම නිවසෙහි නිරීක්ෂණ චාරිකාවට නියැළුණු අතර එහිදි පුංචි දුවලා දෙදෙනෙක් සමග මව ඉතා අපහසුවෙන් දිවි බේරාගත් බවත් තවමත් දියණියන් බිය වූ නිසා රාත්‍රී නිදා නොගන්නා බවත් ඔවුන් සදහන් කර ඇත.

අලි වැට තවමත් වනජීවි නිලධාරීන් විසින් ප්‍රතිසංස්කරණය නොකර ඇති අතර තැනින් තැන අලි විසින් අලි වැට පෙරලා දමා තිබේ.

එහෙත් නිලධාරීන් කිසිම අලි වැට බලා නොගන්නා නිසා අලි නිතර ගම්වැදී ජනතාවගේ නිවෙස්හි ඇති වී ඉරිගු වැනි ධාන්‍ය ආහාරයට ගනියි.

තවද මහඔය ප්‍රාදේශීය සභාව විසින් මාර්ගවල වීථි ලාම්පු නොදාන නිසා ජනතාව රාත්‍රි කාලයේ ජීවිත අනතුරට පත්ව ඇත තවද මෙම ගම්මානයට ජලයද ක්‍රමානුකූලව නොලැබෙන අතර ජනතාව ජලය නොමැති නිසා සෑහෙන පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ .    

මුළුතැන්ගෙයි සිට ජේලර් කාර්යාලය දක්වා විනාශයි - මහර තත්වය ගැන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කට අරියි

මුළුතැන්ගෙයි සිට ජේලර් කාර්යාලය දක්වා විනාශයි - මහර තත්වය ගැන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කට අරියි

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න