එදා වගේම ලංකාවට එල්නිනෝ වෙසින් එන්න යන සුනාමිය.. මුහුදේ ඇති විය හැකි වැඩි පීඩන තත්ත්වයෙන් නත්තල් කාලෙට රතු එළි රැසක් [VIDEO]

Report

වාරිමාර්ග දෙපාර්තමේන්තුව, එල් නිනෝ තත්ත්වයත් සමඟ මොණරාගල, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක සැලකිය යුතු ජල හිඟයක් පවතින බව දැනුම් දෙයි.

ඒ අනුව අද (31) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එහි අධ්‍යක්ෂ එල්.එස් සූරියබණ්ඩාර මහතා සඳහන් කර සිටියේ, වියළි කලාපය තුළ පවතින ගංගාවල ජල මට්ටම් ඉතා අඩු අගයක් ගන්නා බවයි.

එසේම කළ විමසීමකදී මේ වන විටත් රට පුරා ඇති පිරිපහදු මධ්‍යස්ථාන උපරිම ධාරිතාවෙන් ක්‍රියා කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා පවසා සිටියා.

පළාත් රැසකට අද මි.මී 100 ට වැඩි තද වැසි - එල් නිනෝ අර්බුදය මැද ලංකාවේ කාලගුණය කැළඹෙයි

පළාත් රැසකට අද මි.මී 100 ට වැඩි තද වැසි - එල් නිනෝ අර්බුදය මැද ලංකාවේ කාලගුණය කැළඹෙයි

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ භූගත ජලය ලබාගැනීම සඳහා නළ ලිං ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කර ඇති බවයි. එමෙන්ම මෙම වසර අවසානය වන විට අති ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් ඇති වීමේ සම්භාවිතාව 81%ක ප්‍රතිශතයක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කරයි.

ඔහු අද(31) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දැනුම් දුන්නේ මුහුදේ ඇති විය හැකි වැඩි පීඩන තත්ත්වය හේතුවෙන් එළඹෙන නත්තල් සමය තුළදී මත්ස්‍ය හිඟයක් ඇති විය හැකි බවයි.

මේ අතර අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා සඳහන් කළේ, ඉදිරි කාලයේදී ජල කළමනාකරණය කරගැනීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙන බවයි.

අදින් පසු දෙසැම්බර් 31 තෙක් සියලු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල මෙය ක්‍රියාත්මකයි - QR කේතයකුත් ලබා දෙයි

අදින් පසු දෙසැම්බර් 31 තෙක් සියලු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල මෙය ක්‍රියාත්මකයි - QR කේතයකුත් ලබා දෙයි

එහෙත් ගොවි සංවිධාන එල් නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා රජයට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවට චෝදනා නගයි.

ඊට අමතරව කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වයි.

එබැවින් නාවික සහ ධීවර ප්‍රජාවන්ට මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙ‍යි.

ඔක්තෝම්බර් 23, 24 සහ 25 යන දිනවල සියලු ප්‍රදේශවල සිටින පාසල් සිසුන්ට මේ සඳහා රජයෙන් අවස්ථාවක්.. අගමැති

ඔක්තෝම්බර් 23, 24 සහ 25 යන දිනවල සියලු ප්‍රදේශවල සිටින පාසල් සිසුන්ට මේ සඳහා රජයෙන් අවස්ථාවක්.. අගමැති

එමෙන්ම මෙරට කාලගුණ අනාවැකි පළ කිරීමේ සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ජපන් ප්‍රදාන ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන ඩොප්ලර් කාලගුණ රේඩාර් ජාල ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය සොයා බැලීමට ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වී ඇත.

ඒ අනුව නියමිත සැලසුම් කාලරාමුවට අනුව, රේඩාර් පද්ධතිය සවි කිරීමේ කටයුතු ලබන වසරේ ජනවාරි මාසයේදී ආරම්භ කිරීමට නියමිත අතර, ලබන වසරේ ජූලි මස අග වන විට සමස්ත ව්‍යාපෘතියේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් - හෙට සිට මේ අයට මහජන බැංකුවෙන් වන්දි

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් - හෙට සිට මේ අයට මහජන බැංකුවෙන් වන්දි

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...