අද මුළු ලංකාවටම බලපවත්නා විශේෂ නිවේදනයක් - මේ පලාත් සහ දිස්ත්‍රික්ක විශේෂයි

Report

සබරගමුව පළාතෙත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර, එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන අතර, මාතලේ, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවීමේ හැකියාවක් පවතී.

එමෙන්ම ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

වහාම ක්‍රියාත්මක වන පරිදී පොලිස් ඇදිරි නීතිය පනවයි - තත්ත්වය පාලනය කිරීමට බෙල් 412 ගුවන් යානා

වහාම ක්‍රියාත්මක වන පරිදී පොලිස් ඇදිරි නීතිය පනවයි - තත්ත්වය පාලනය කිරීමට බෙල් 412 ගුවන් යානා

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇත. බස්නාහිර, සබරගමුව, දකුණු, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම, ත්‍රිකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40-50 ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

රටේ මහජනතාවට අනතුරු ඇඟවීමක් - ශ්‍රී ලංකා පොලිසියෙන් නිවේදනයක්

රටේ මහජනතාවට අනතුරු ඇඟවීමක් - ශ්‍රී ලංකා පොලිසියෙන් නිවේදනයක්