බිල්පත් ගෙවා නැති නිසා අම්පාර පුරාවිද්‍ය කාර්යාලයේ විදුලිය කපලා

Report

අම්පාර පුරාවිද්‍යා ප්‍රාදේශීය කාර්යාල සංකීර්ණයේ ගොඩනැගිලි හතරක (04) විදුලි සැපයුම විදුලිබල මණ්ඩලය විසින් විසන්ධි කිරීම හේතුවෙන් එහි පරිපාලන කටයුතු සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වී තිබේ.

මේ හේතුවෙන් එහි සේවකයන් මෙන්ම සේවාවන් ලබා ගැනීමට පැමිණෙන මහජනතාව ද දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

අද මුළු ලංකාවටම බලපවත්නා විශේෂ නිවේදනයක් - මේ පලාත් සහ දිස්ත්‍රික්ක විශේෂයි

අද මුළු ලංකාවටම බලපවත්නා විශේෂ නිවේදනයක් - මේ පලාත් සහ දිස්ත්‍රික්ක විශේෂයි

විදුලිය නොමැති වීම නිසා පරිගණක සහ මුද්‍රණ යන්ත්‍ර ඇතුළු කිසිදු විද්‍යුත් උපකරණයක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති අතර, කොළඹ ප්‍රධාන කාර්යාලය වෙත යැවිය යුතු වැදගත් සහ හදිසි ලිපි ලේඛන යැවීමට පවා නොහැකි තත්ත්වයක් උදාවී ඇත.

අතිශය සංවේදී සහ රහස්‍ය තොරතුරු ඇතුළත් රාජ්‍ය ලිපි ලේඛන පිටත ආයතනවලින් සකස් කරගැනීමට නොහැකි වීම නිසා කාර්යාලීය ලිපි හුවමාරු කටයුතු ද සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.

ට්‍රම්ප්ගෙන් දැඩි තීරණයක් - දැවැන්ත ප්‍රහාරයක් තාවකාලිකව අත්හිටුවීමට අණ

ට්‍රම්ප්ගෙන් දැඩි තීරණයක් - දැවැන්ත ප්‍රහාරයක් තාවකාලිකව අත්හිටුවීමට අණ