ට්‍රම්ප්ගෙන් දැඩි තීරණයක් - දැවැන්ත ප්‍රහාරයක් තාවකාලිකව අත්හිටුවීමට අණ
ඉරාන ඉස්ලාමීය ජනරජයට එරෙහිව දෙවන ලෝක යුද්ධයෙන් පසුව එල්ල කිරීමට සැලසුම් කළ ප්රබලතම සහ විනාශකාරී හමුදා ප්‍රහාරය සඳහා අමෙරිකා එක්සත් ජනපදය සම්පූර්ණයෙන්ම සූදානම්ව සිටි බවත්, එහෙත් සිදු කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව එය අත්හිටවූ බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
ඉරානය සහ මැදපෙරදිග සෙසු රටවල් විසින් කරන ලද ඉල්ලීමකට අනුව, රාජ්‍යතාන්ත්‍රික එකඟතාවයකට පැමිණීමේ පදනම මත මෙම ප්‍රහාරය අත්හිටවූ බව ජනාධිපතිවරයා පවසයි.
මෙම රාජ්‍යතාන්ත්‍රික එකඟතාවන්ට හෝමුස් සමුද්‍ර සන්ධිය නාවික ගමනාගමනය සඳහා වහාම විවෘත කිරීම මෙන්ම ඉරානයේ න්‍යෂ්ටික තර්ජනය අවසන් කිරීම ද ඇතුළත් වේ.
ලෝකයේ යහපත උදෙසා මෙන්ම සාර්ථක හා ප්‍රතිපත්තිගරුක ඉරානයක් අනාගතයේදී පවත්වාගෙන යාම වෙනුවෙන් ඉක්මන් එකඟතාවයකට පැමිණීමේ පදනම මත ප්‍රහාරය අවලංගු කිරීමට තමන් එකඟ වූ බවත්, ඊශ්‍රායලය ද එම තීරණයට සහාය පළ කරන බවත් අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.