ස්ට්‍රීට් ෆුඩ් කද්දි පරිස්සමෙන්.. හිතුවද මෙච්චර දෙයක්... දන්නවනම් හැරිලාවත් බලන්නේ නැති ස්ට්‍රීට් ෆුඩ් කඩවල කෑම...

Report

 මහරගම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ඊයේ රාත්‍රි කොට්ටාව සහ තලවතුගොඩ ප්‍රදේශ වල පවත්වාගෙන යන වීදි ආපන ශාලාවල සිදු කළ හදිසි ආහාර වැටලීමකදී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු සෞඛ්‍ය ආරක්ෂිත බවින් තොර ආහාර අලෙවි කළ වීදී ආපන ශාලා හයකට නිවේදන නිකුත් කොට ආපන ශාලා 14 එරෙහිව කඩුවෙල අධිකරණයේ නඩු පැවරු බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කෝසල මුතු කුමාරණ මහතා පවසනවා.

මෙහිදී තලවතුගොඩ කිඹුලාවල street food අළෙවි සල් 35 ඇතුළුව ආපන ශාලා 55 ක් මෙහීදී පරීක්ෂාවට ලක් කළ අතර එහිදී පිටි කෑම මස් මාලු කෑම ඇතුළු වෙනත් කෑම වර්ග විවෘතව මේස මත ප්‍රදර්ශනය කොට අලෙවි කිරීම නිසා එම ආහාර වලට දූවිලි සහ වාහන වලින් පිටවන දුමාරය සෘජුවම වැදීම තුළින් ආහාර දූෂණයට ලක්ව තිබෙනවා.

ස්ට්‍රීට් ෆුඩ් කද්දි පරිස්සමෙන්.. හිතුවද මෙච්චර දෙයක්... දන්නවනම් හැරිලාවත් බලන්නේ නැති ස්ට්‍රීට් ෆුඩ් කඩවල කෑම... | Poisoning Street Food Sri Lanka

ඊට අමතරව පිසු ආහාර , අමු ආහාර සමඟ එකට තැබීම ,මලකඩ යකඩ තැටි මත මස් බැදීම සහ මස් බැදීමද මෙහිදි සිදු කර තිබුණා.

තවද කොත්තු රයිස් නූඩ්ලස් වැනි අමු ආහාර ලෑලි කෑලි මත පරිසරයට නිරාවරණය වෙමින් ප්‍රදර්ශනය කර තැබෙන අතර ඒවාට දැඩි ලෙස දූවිලි වැදී තිබෙනවා.