දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් - ශ්‍රී ලංකා ගුවන් හමුදාව මූලිකත්වය

Report

දිවයින පුරා ශීඝ්‍රයෙන් හිස ඔසවමින් පවතින ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සියලුම ගුවන් හමුදා කඳවුරු කේන්ද්‍ර කරගනිමින් දීපව්‍යාප්ත විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලත් උපදෙස්වලට අනුව, ගුවන් හමුදාපතිවරයාගේ සෘජු මෙහෙයවීම සහ අධීක්ෂණය මත මෙම සුවිශේෂී වැඩසටහන දියත් කර ඇත.

මෙම සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩපිළිවෙළ යටතේ ගුවන් හමුදා බලඇණි, අදාළ ප්‍රදේශවල පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් සහ සිවිල් ජනතාව සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමට නියමිතය.

ETF මුදල් ගෙවීමේ වෙනසක් - සේවක අර්ථසාධක මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් - ආයතනයේ සේවකයින් 15 කට වැඩිනම් ඉස්සරහට මේකයි වෙන්නේ

ETF මුදල් ගෙවීමේ වෙනසක් - සේවක අර්ථසාධක මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් - ආයතනයේ සේවකයින් 15 කට වැඩිනම් ඉස්සරහට මේකයි වෙන්නේ

එහිදී ඩෙංගු මදුරුවන් බෝවීමට ඉඩකඩ ඇති අවදානම් සහගත ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කිරීම, පොදු පරිසරය පවිත්‍ර කිරීම මෙන්ම වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා මහජනතාව සලකා බැලිය යුතු කරුණු පිළිබඳව දැනුවත් කිරීමේ ප්‍රජා සත්කාරයන් ද සිදු කෙරේ.

පොදු මහජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව උපරිමයෙන් තහවුරු කිරීම සහ මාරක ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම මුළුමනින්ම වැළැක්වීම අරමුණු කරගත් මෙම විශේෂ මෙහෙයුම, දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ඉදිරියටත් අඛණ්ඩවම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ගුවන් හමුදාව පවසයි.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වෙතින් හදිසි පියවරක්- බස්නාහිර පළාතේ අවදානම් කලාප 23ක ඒකාබද්ධ මෙහෙයුමක් හෙට සිට

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වෙතින් හදිසි පියවරක්- බස්නාහිර පළාතේ අවදානම් කලාප 23ක ඒකාබද්ධ මෙහෙයුමක් හෙට සිට