ජාතික කාන්තා කොමිෂන් සභාවේ නියෝජිතයින් අගමැතිනිය හමුවට
ශ්‍රී ලංකාවේ ස්වාධීන ජාතික කාන්තා කොමිෂන් සභාවේ සභාපතිනිය ඇතුළු එහි සාමාජික කොමසාරිස්වරුන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ.
2024 වසරේ අංක 37 දරන කාන්තා සවිබලගැන්වීමේ පනත බලාත්මක කිරීමේ වත්මන් ප්‍රගතිය මෙන්ම එහි ඉදිරි පියවර පිළිබඳව දූත පිරිස විසින් මෙහිදී අග්‍රාමාත්‍යවරිය දැනුවත් කරනු ලැබීය.
ETF මුදල් ගෙවීමේ වෙනසක් - සේවක අර්ථසාධක මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් - ආයතනයේ සේවකයින් 15 කට වැඩිනම් ඉස්සරහට මේකයි වෙන්නේ
මෙරට කාන්තා අයිතීන් සුරක්ෂිත කිරීම, ප්‍රවර්ධනය සහ කාන්තාවන් සවිබල ගැන්වීමේ ජාතික ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාවට නැංවීම උදෙසා ශ්‍රී ලංකාව තුළ පිහිටුවන ලද ප්‍රථම ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනය මෙම ජාතික කාන්තා කොමිෂන් සභාව වන බවද නියෝජිත පිරිස මෙහිදී අවධාරණය කළහ.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය, කොමිෂන් සභාව විසින් මෙතෙක් අත්පත් කරගෙන ඇති සාධනීය ප්‍රගතිය ඇගයීමට ලක් කළාය.
යෝෂිතට O/L සිංහල S නිසා අවශ්‍ය සුදුසුකම් වෙනස්කරලා සහතික පරික්ෂා කරලත් නෑ - වෙනස් කතාවක් උසාවියේදී එළියට
එමෙන්ම දිවයින පුරා ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීම සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් කොමිසම ඉටුකරන කාර්යභාරය පිළිබඳව ද ඇය සිය උපරිම ප්‍රසාදය පළ කර සිටියාය.