මහ බැංකුව පිරමිඩ තහනම් කරන්නේ සේරම ඉවර වුණාට පස්සේ හැසිරෙන්නේ මාෆියා කණ්ඩායමක් වගේ - සිවිල් බුද්ධි පෙරමුණ

Report

අද සෙනසුරදා (04) සිවිල් බුද්ධි පෙරමුණේ සංජය මහවත්ත මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පිරමිඩ ගනුදෙනු සිදුකරන සමාගම් සහ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්‍රියාකලාපය පිළිබඳ අදහස් පළ කළේය.

එහිදී ඔහු සඳහන් කළේ, පිරමිඩ ගනුදෙනු සිදුකරන ආයතන 25ක් තහනම් කර ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර ඇති අතර, එම ක්‍රියාමාර්ගය පිළිබඳ සතුටු වන බවය.

කෙසේ වෙතත්, අද තහනම් කර ඇති ආයතන අලුතින් බිහි වූ ඒවා නොවන බවත්, වසර හතරක් හෝ පහක් පුරා ජනතාවගේ මුදල් එක්රැස් කරමින් ක්‍රියාත්මක වූ ආයතන බවත් ඔහු පැවසීය.

එම ආයතනවල ගිණුම් උපරිම මට්ටමට පැමිණීමෙන් අනතුරුව පමණක් මහ බැංකුව ඒවාට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු චෝදනා කළේය.

මෙම ආයතන මෙතරම් ප්‍රමාද වී තහනම් කිරීම හේතුවෙන් මහජනතාවට අසාධාරණයක් සිදුව ඇති බවත්, මේ වන විට ජනතාව විශාල මුදලක් එම ආයතනවල තැන්පත් කර ඇති බවත් ඔහු පැවසීය.

එම මුදල් නැවත තැන්පත්කරුවන්ට ලබාදීම සඳහා ක්‍රමවේදයක් මහ බැංකුව විසින්ම සකස් කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.

තහනම් කරන ලද ආයතනවල තැන්පත්කරුවන්ට ඔවුන්ගේ මුදල් නැවත ලබාදීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවක් දක්නට නොලැබෙන බව ද ඔහු සඳහන් කළේය.

එමෙන්ම, වසර ගණනාවක් නඩු පවරමින්, මහ බැංකුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන් පුද්ගලයන් බොහෝ දෙනෙකුට සිය මුදල් නැවත ලබාගැනීමට නොහැකිව මියගිය අවස්ථා ද තිබෙන බව ඔහු ප්‍රකාශ කළේය.

එවැනි පුද්ගලයන් බොහෝ දෙනෙකු පිළිබඳ තමන් දන්නා බවත්, අගතියට පත් වූවන් වෙනුවෙන් කටයුතු කරන සංවිධානවල කැඳවුම්කරුවෙකු සහ උපදේශකයෙකු ලෙස කටයුතු කළ බවත් ඔහු සඳහන් කළේය. මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංජය මහවත්ත මහතා මෙසේ පැවසීය.

"මහ බැංකුව හැම වෙලාවෙම කරන්නේ මිනිස්සු මුදල් තැන්පත් කරනකම් බලාගෙන ඉන්න එකයි. මුදල් විශාල වශයෙන් එකතු වූ පසුව තමයි ආයතනවලට පැනලා ලේඛන රැගෙන ගිහින් ගිණුම් Freeze කරනවා. ඊට පස්සේ මේ රටේ තැන්පත්කරුවන්ට තමන්ගේ මුදල් නැවත ලබාගැනීම ඉතාමත් අපහසු වෙනවා.ආයේ මේ කපේකට මේ රටේ මිනිස්සුන්ට තැන්පත්කරුවන්ට එ මුදල් ලබා ගැනිම බොරු.ඉතින් බැංකු නොවන මුදල් අධික්ෂණ කමිටුව කියලා ශ්‍රී ලංකා මහා බංකුව මගින් මේ කමිටුව දලා මුල්‍ය බුද්ධි එකකයක් පිහිටුවන්නේ මුල්‍ය බුද්ධි එකකයට එ අනතුර මුල් අවස්ථාවේදිම වටහා ගැනිමේ අවකාශය තියෙන්න ඕනි.එ මිනිස්සු පඩි ගන්නවා.එ මිනිස්සු වැඩ කරනවා.එ මිනිස්සු Report ගහානවා, එතකොට මම අහාන්නේ එගොල්ලෝ කොමා වෙනවද අවුරුදු දෙකක් විතර මේ රටේ තැන්පත්කරුවන්ගේ මුදල් එකතු කරනකම් එගොල්ලෝ මොකද කර්න්නේ. උච්චතම අවස්ථාවට අවාට පස්සේ තමායි මහා බංකුවෙන් කඩා පැනලා තහානම් කරලා දන්නේ..'' 

නාවික හමුදාවෙන් දින 15ක දැවැන්ත මුහුදු මෙහෙයුමක් - ලංකාවේ මුහුදු සීමාවෙන් 27ක් කොටු වෙයි

නාවික හමුදාවෙන් දින 15ක දැවැන්ත මුහුදු මෙහෙයුමක් - ලංකාවේ මුහුදු සීමාවෙන් 27ක් කොටු වෙයි

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මහ බැංකුව බැංකු පද්ධතිය පිළිබඳ පුරසාරම් දොඩන නමුත්, එය මුදල් පාලනය කිරීමේ යාන්ත්‍රණයක කොටසක් ලෙස ක්‍රියා කරන බවට ද ඔහු චෝදනා කළේය.

වැවිලි සමාගම් මහ බැංකුව යටතේ නියාමනය කළ යුතු බවට පළවන අදහස් ප්‍රතික්ෂේප කළ ඔහු, එම සමාගම් කෘෂිකාර්මික ආර්ථිකය ශක්තිමත් කරන ආයෝජන ආකර්ෂණය කරන ආයතන බව සඳහන් කළේය.

ඒවාට බාධා පැමිණවීම රටේ ආර්ථිකයට අහිතකර බව ද ඔහු කියා සිටියේය. අවසානයේ ඔහු චෝදනා කළේ, මහ බැංකුව වෙනම ආකාරයකින් ක්‍රියාකරන මාෆියා කණ්ඩායමක් ලෙස හැසිරෙන බවත්, මෙලෙස කටයුතු කිරීම ඉදිරියටත් සිදුවන්නේ නම් මහ බැංකුව වැටලිමට සිදුවන බවයි.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වෙතින් හදිසි පියවරක්- බස්නාහිර පළාතේ අවදානම් කලාප 23ක ඒකාබද්ධ මෙහෙයුමක් හෙට සිට

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වෙතින් හදිසි පියවරක්- බස්නාහිර පළාතේ අවදානම් කලාප 23ක ඒකාබද්ධ මෙහෙයුමක් හෙට සිට