අගමැති හරිනි අමරසූරියගේ කම්කරු දින පණිවිඩය

May Day Prime minister Government Of Sri Lanka Harini Amarasuriya Sinhala news
By Shehan May 01, 2025 04:14 AM GMT
Shehan

Shehan

Report

හැත්තෑපස් වසරක පාලක පන්තියේ තාඩන පීඩන මධ්‍යයේ නැගී සිටිමින්, දූෂිත දේශපාලනය මුලිනුපුටා ජනතා රජයක් යටතේ මෙවර කම්කරු දිනය සැමරීම ඓතිහාසික සන්ධිස්ථානයක් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.

කල්ලිවාදය, දේශපාලන හිතවත්කම් හා ගජමිතුරු සැලකීම් හේතුවෙන් අසාධාරණයට ලක්වූ වැඩකරන ජනතාව, 2024 දී ගත් අභියෝගාත්මක තීරණයකින් දේශපාලන සංස්කෘතිය උඩුයටිකුරු කරමින්, අගාධයට ඇදවැටුණු රට ගොඩනැගීමට අභීත පියවරක් ගත් බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

මැයි දිනය වෙනුවෙන් බාර් වැසෙයි

මැයි දිනය වෙනුවෙන් බාර් වැසෙයි

කම්කරු දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවිඩයකදී අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ කම්කරු දින පණිවිඩය පහතින්,

''වැඩකරන ජනතාව ලෙයින් දහදියෙන් ජීවිත පරිත්‍යාගයෙන් ගමන් කළ වේදනාකාරී ඉතිහාසය නිමා කරමින් ජයග්‍රාහී වර්ෂයක ජනතා රජයක් යටතේ ⁣ 139 වන ලෝක කම්කරු දිනය සමරමු.

හැත්තෑ පස් වසරක් පුරා පාලක පන්තියේ තාඩනපීඩන මතින් නැගී සිටිමින් දූෂිත දේශපාලනය මුලිණුපුටා දමමින් ජනතාවගේ රජයක් යටතේ මෙවර කම්කරු දිනය සැමරීම ඓතිහාසික සංධිස්ථානයක් සනිටුහන් කරයි.

කල්ලිවාදය, දේශපාලන හිතවත්කම් සහ ගජමිතුරු සැලකීම් හමුවේ අසාධාරණයට පත්ව සිටි වැඩ කරන ජනතාව 2024 වර්ෂයේ අභියෝගාත්මක තීරණයක් ගනිමින් ⁣සමස්ථ දේශපාලන සංස්කෘතිය උඩුයටිකුරු කිරීම අගාධයට ඇද දැමූ රට ගොඩ ගැනීමට ගත් අභිත ව්‍යායාමයකි.

මෙරට ආර්ථිකය යළි ඉහළට ඔසවා ස්ථාවර ආරම්භයක් ලබා ගත් බව ජනපති කියයි

මෙරට ආර්ථිකය යළි ඉහළට ඔසවා ස්ථාවර ආරම්භයක් ලබා ගත් බව ජනපති කියයි

ජනතාවාදී රජයක් ලෙස ජනතා අවශ්‍යතා මැනවින් හදුනාගනිමින් විකෘති මාවතක ගමන් ගත් ආර්ථික, දේශපාලන, සාමාජයීය, සංස්කෘතික මෙන්ම නෛතික රාමුවද යළි ප්‍රකෘති මාවතකට ගැනීමට අපි මහත් වෙහෙසක් දරමින් සිටිමු.

වසර ගණනාවක් පුරා මෙරට වෙලාගත් දූෂණය හා අසාධාරණය එක රැයකින් වෙනස් කිරීම කළ නොහැකි වුවද රජය ක්‍රමාණුකූලව සියල්ල ක්‍රමවත් කරමින් ජනතා අවශ්‍යතා වෙනුවෙන් ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කරමින් තිබේ. රාජ්‍ය, පුද්ගලික, ව්‍යවසාය, කම්කරු ඇතුළු සමස්ථ වැඩකරන ජනතාවගේ ආර්ථික බලවේගයන් ශක්තිමත් කිරීමට රජය ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කර ඇති අතර රට අහරින් ස්වයංපෝෂිත කිරීමට පෙරමුණ ගන්නා ගොවි ජනතාව ශක්තිමත් කිරීමටද සුදානම්ය.

අප පසුකරමින් සිට්න්නේ ජනතාවගේ ආරක්ෂාව, ස්වාධිනත්වය, අයිතීන් ආරක්ෂා කරමින් වඩාත් ස්ථාවර විශ්වාසනීය අනාගතයක් ලඟා කර ගැනීමට එක්ව කැපවිය යුතු කාලයකි. දිනු අයිතීන් සුරකිමින් රට ගොඩනගන්නට එකාවන්ව එක්ව අධිෂ්ඨානයෙන් කටයුතු කරමු.''

පච ගොඩට එකතු වුන අළුත්ම පොහොට්ටුවේ ටොම් පචයා ගැන මහින්ද කියන කතාව (VIDEO)

පච ගොඩට එකතු වුන අළුත්ම පොහොට්ටුවේ ටොම් පචයා ගැන මහින්ද කියන කතාව (VIDEO)

ReeCha