අවුරුදු උත්සවයක් අස්සේ මාලිමා ලොක්කෙකුට සහ ඔහුගේ බිරිඳට ලෝක නඩුවක් - විස්තරේ මෙන්න[VIDEO]
ඉපලෝගම ප්රාදේශීය සභාවේ මන්ත්රීවරයෙක් ඇතුළු පිරිසක් පහර දී තුවාල සිදු කළ බව සඳහන් කරමින් කාන්තාවක් සහ ඇගේ සැමියා රෝහල්ගත වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව කර ඇති විමසීමකදී ඉපලෝගම පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉපලෝගම ප්රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන ප්රාදේශිය සභා මන්ත්රීවරයෙකු සහ ඔහුගේ බිරිඳට එරෙහිව අඳාළ පැමිණිල්ල ලැබී ඇති බවයි.
ඒ අනුව පිරිසක් විසින් තමන් වෙත පහර දී තුවාල සිදු කළ බව කියමින් කාන්තාවක් හා ඇගේ සැමියා කැකිරාව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්රතිකාර සඳහා දඹුල්ල දිස්ත්රික් මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන්.
ඉපලෝගම, හිරිපිටියාගම ක්රීඩාපිටියේ පැවති ඉපලෝගම ප්රාදේශීය සභාවේ අවුරුදු උළෙල අතරතුර මෙම පහරදීම සිදූ වූ අතර ඒ පිළිබඳව ඉපලෝගම පොලිසිය වෙත පැමිණිලි කළ බව ඔවුන් ප්රකාශ කරන බව සඳහන්.
එමෙන්ම ස්ථානාධිපතිවරයා සඳහන් කර ඇත්තේ අවුරුදු උළෙල අතරතුරදී අඳාළ මන්ත්රීවරයා සහ ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසක් විසින් මෙම කාන්තාවට සහ ඇගේ සැමියාට පහරදීම සිදු කර ඇති බවට පැමිණිල්ලේ සඳහන් වන බවයි.
කෙසේ වෙතත් පෞද්ගලික ආරවුලක් මත මෙම පහරදීම සිදු කර ඇති බවට සැකකරන බවත් එම සිදුවීම පිළිබඳව ඉදිරි විමර්ශන ක්රියාත්මක බවත් ඉපලෝගම පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළ බව වාර්තා වේ.
අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත,