බොරලුකැටියේ ත්‍රී රෝද රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් මාරක අනතුරක්

Report

පාදුක්ක හොරණ මාර්ගයේ බොරලුකැටිය ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් ඇත.

බේකරි නිෂ්පාදන ප්‍රවාහනය කරමින් තිබු ත්‍රී රෝද රථයක ටයරයක් ගැලවී යාමත් සමග එය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වීමත් සමග ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව  තිබේ.

 අනතුරින් ත්‍රී රෝද රථයේ රියදුරු මිය ගොස් ඇති අතර ඔහු මහනුවර හතරලියැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

සරසවියට සුදුසුකම් ලැබූ ඔයාට ඇහෙන අලුත්ම ආරංචිය

සරසවියට සුදුසුකම් ලැබූ ඔයාට ඇහෙන අලුත්ම ආරංචිය

ලොරි රථයේ රියදුරු සහ අනතුර සිදුවු අවස්ථාවේ ලොරි රථයේ රියදුරුට පහරදීමට උත්සහ කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ