සාම පාගමන හේතුවෙන් හෙට කොළඹ එන සියලු දෙනාට විශේෂ නිවේදනයක්
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ උත්සවයක් සහ සාම පාගමනක් හේතුවෙන් හෙට (28) පෙරවරු 11.00 සිට කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.
නිදහස් චතුරස්‍රය සහ ගංගාරාම විහාරස්ථානය අවට ප්‍රධාන මාර්ග රැසක වාහන ගමනාගමනය අවස්ථානුකූලව සීමා කිරීමට නියමිතය.
බණ්ඩාරනායක වටරවුම, බොරැල්ල, මරදාන, වෝඩ් පෙදෙස සහ ධර්මපාල මාවත ඇතුළු මාර්ග රැසක් මෙලෙස රථවාහන සැලැස්මට ඇතුළත් වන බැවින්, ඇති විය හැකි තදබදය මඟහරවා ගැනීමට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.