ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති හදිසියේම ඩුබායි ගිහින්ද?
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විදෙස්ගත වී ඇති බව වාර්තා වේ. ඒ මහතා ඊයේ (26) දින කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර, ඔහුගේ ගමනාන්තය කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
කෙසේ වෙතත්, වාර්තා වන අන්දමට විදෙස්ගත වූ මහ බැංකු අධිපතිවරයා තවත් දින කිහිපයක් මෙරටින් බැහැරව සිටීමට නියමිතය. පසුගිය දිනවල මහා භාණ්ඩාගාරයේ සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මහ බැංකුවට ද වගකීමක් පවතින බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වෙමින් පවතී.
එවැනි පසුබිමක මහ බැංකුව මේ දක්වා එම සිදුවීම් සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකළේ මන්දැයි ප්‍රශ්න කරති.