දිවයින පුරා මෙහෙයුම් - මත්ද්‍රව්‍ය වැටලීම්වලින් 989ක් අල්ලයි
මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ මෙහෙයුම යටතේ ඊයේ(26) දිනයේ සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් 989 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා. මේ අතර අපරාධ මැඩලීමේ මෙහෙයුම යටතේ ඊයේ දිනයේ පුද්ගලයින් 27704 පරික්ෂා කළ බව පොලිසිය ප්‍රකාශ කළා. මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම යටතේ ඊයේ(26) දිනයේ වැටලීම් 994 ක් සිදු කෙරුණා.
එහිදී සැකකරුවන් 989 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර දෙදෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
හෙරොයින් ග්‍රෑම් 312ක් අයිස් කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 731ක් ඇතුළුව කුෂ් / හෂීෂ් මත්පෙති ඇතුළු මත්ද්‍රව්‍ය මෙම වැටලීමේදී සොයා ගෙන තිබෙනවා. මේ අතර අපරාධ මැඩලීමේ මෙහෙයුම යටතේ ඊයේ දිනයේදී පුද්ගලයින් 27704 දෙනෙකු පරික්ෂා කෙරුණා.
සැකපිට පුද්ගලයින් 559 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර අපරාධ සම්බන්ධයෙන් සෘජුව හදුනාගත් පුද්ගලයින් ගණන 09ක්. වරෙන්තු කරුවන් 203දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 153 දෙනෙකු ද මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.