ඉදිරි පැය 36 ගැන දැනුම්දීමක් - හෙට 1න් පසු වෙන්නේ මේකයි

Report

දිවයිනේ බොහෝ ප්‍රදේශවල හෙට පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

එම දෙපාර්තමේන්තුව අද (27) සවස 4.00ට නිකුත්කළ නිවේදනයේ මේ බව දක්වා ඇත. දකුණු පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව සඳහන්.

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් - ජනතාවට අනතුරු ඇගවීමක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් - ජනතාවට අනතුරු ඇගවීමක්

එසේම මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, කුරුණෑගල සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව දක්වයි.

කෙසේ වුවද ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.  

ඉදිරි කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

ඉදිරි කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

කිසි විටෙකත් මේවා කරන්න එපා - රජයේ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලවලට නව අතුරු මාර්ගෝපදේශ

කිසි විටෙකත් මේවා කරන්න එපා - රජයේ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලවලට නව අතුරු මාර්ගෝපදේශ

Gallery