ඔබගේ ගෙදරට එන අවම ආදායම 100,000ක් බවට පත් කරන සැලැස්මක්..

Report

සර්වජන බලය සංවිධානය කළ ජන හමුවක් නුවරඑළියේදී ඊයේ (07) පැවැත්වූ අතර සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා විඩියෝ තාක්ෂණය ඔස්සේ ඊට එක්වුණි.

කොළඹ පැවති ජනාධිපති අපේක්ෂක විවාදයට එක්වීම හේතුවෙන් ඔහු විඩියෝ තාක්ෂණය ඔස්සේ එම ජන හමුව අමතනු ලැබීය. එහිදී අදහස් දැක්වූ සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,

වටිනා බිස්කට් වර්ගයක් කටුනායකෙන් මාට්ටු වුණු හැටි ..

වටිනා බිස්කට් වර්ගයක් කටුනායකෙන් මාට්ටු වුණු හැටි ..

"ඉතිහාසය පුරාම ඒ පොරොන්දුවලින් පිරුණු ඒ දේශපාලන වේදිකාව අදටත් ඔබට ඉතුරුකරලා තියෙන්නේ ඔබගේ මේ කටුක ජීවිතය පමණයි. අපිට අවශ්‍ය මෙය වෙනස් කරන්න. ඒ වෙනුවෙන් අපි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. අපි මේ වැඩපිළි‍වෙළ තුළ ඉදිරිපත්කරලා තියෙනවා ඔබගේ ගෙදරට එන ආදායම අවම වශයෙන් රුපියල් 100,000ක් බවට පත්කරනවා. ඔබට ලැබෙන්න ඕන දෛනික වැටුප රුපියල් 2000ක් කිරීමට අමාරු නැහැ. හැබැයි එය විද්‍යාත්මකව කරන්න ඕනේ. හාම්පුතුන් මත පමණක් පැටවීමෙන් මම හිතන්නේ නැහැ මේ මුදල ඔබට ලබාදෙන්න පුළුවන් කියලා. අපිට ඒ සඳහා වැඩපිළිවෙළක් තියෙනවා."