පියුමි හංසමාලි රට පැන්නේ බයටද? කුඩු ජාවාරම්කරුගේ කතාව ගැනත් තොරතුරු එලියට...(VIDEO)

Report

මේ දිනවල ශ්‍රී ලංකාවේ හොඳම මාතෘකා තමයි පියුමි හංසමාලි සහ ඇයගේ ක්‍රීම් බිස්නස් එක. පිටකොටුවෙන් 2000ට අරන් අධික මිලට අලෙවි කරනවා කියල පියුමිට දැන් චෝදනාවක් තියෙනවා.

ඉතින් පියුමි මේදිනවල ලංකාවේ නැහැ. රට ගිහින් ඉන්නේ. හැංගිලාද කියන ප්‍රශ්නෙකුත් තියෙද්දී ඔන්න ඉන්න රටේ ඉඳල පියුමි වීඩියෝ එකක් දාලා තියෙනවා.

ගල්යුගයේ නම් හරි... විද්‍යා යුගයේ තමා ප්‍රශ්නේ? නාගයෙක් අදත් ආරක්ෂකයා... ඇත්ත කුමක්ද?

ගල්යුගයේ නම් හරි... විද්‍යා යුගයේ තමා ප්‍රශ්නේ? නාගයෙක් අදත් ආරක්ෂකයා... ඇත්ත කුමක්ද?

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි විසින් ඉතා අඩු මුදලකට මිලදී ගන්නා ලද සම පැහැපත් කරන ආලේපන වර්ග ඉතා ඉහළ ලාභයක් තබාගෙන අලෙවි කර ඇති බවට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදුකළ විමර්ශනවලදී පසුගියදා හෙළි වුණා. 

ඇය විසින් අදාළ ක්‍රීම් වර්ග අලෙවි කරන ආයතන දෙකකින් රුපියල්, 2000, 3000, 5000, හා 6000ක මුදලකට මිලදී ගෙන ඒවා නැවත ඇසුරුම් කර රුපියල් විසි අට දහසේ සිට තිස් තුන්දහසක් දක්වා මිල ගණන් යටතේ අලෙවි කර දිනකට රුපියල් ලක්ෂ 10ත් 15ත් අතර මුදලක් උපයාගෙන ඇති බව එහිදී අනාවරණය කරගෙන තිබෙනවා.

ගල්යුගයේ නම් හරි... විද්‍යා යුගයේ තමා ප්‍රශ්නේ? නාගයෙක් අදත් ආරක්ෂකයා... ඇත්ත කුමක්ද?

ගල්යුගයේ නම් හරි... විද්‍යා යුගයේ තමා ප්‍රශ්නේ? නාගයෙක් අදත් ආරක්ෂකයා... ඇත්ත කුමක්ද?

එමෙන්ම පසුගියදා කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක් මුදල් ඉපැයු වූයේ යැයි කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග වසර ගණනාවක් ගනුදෙනු කර ඇති බව රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළා.

ගෙදර කෑම ඉල්ලූ දේශබන්දුට බන්ධනාගාරය දුන් පිළිතුර මෙන්න!

ගෙදර කෑම ඉල්ලූ දේශබන්දුට බන්ධනාගාරය දුන් පිළිතුර මෙන්න!

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරු දැනට කොළඹ මහාධිකරණයෙන් අධි චෝදනා ලැබ සිටින පුද්ගලයකු බවත්,රක්ෂිත බන්ධනාගාර ගත සැකකරු රුපියල් මිලියන දහයක හංසමාලීට ලබාදීම,හංසමාලී නමින් ලියාපදිංචි බි එම් ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථය ජාවාරම්කරුගේ නිවසේ දැනටත් පැවතීම සහ එම රථයට හංසමාලී විසින් රුපියල් මිලියන විස්සක ලිසින් පහසුකමක් ලබාගෙන තිබීම යන කරුණු මත හංසමාලී සම්බන්ධයෙන් සාධාරණ සැකයක් උද්ගත වී ඇති බව ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.