පියුමි හංසමාලි හදිසියේ ම අධිකරණයට... කාටද අධිකරණය නොතිසි එව්වේ ?
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ නිලධාරීන්ගේ කටයුතු හේතුවෙන් තම ව්‍යාපාරික කටයුතුවලට අගතියක් සිදුවන බව සඳහන් කරමින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයකට භාජනය වී සිටින නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි විසින් ඉදිරිපත් කළ මෝසම සම්බන්ධයෙන් ලබන 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) එම ඒකකයේ ස්ථානාධිපතිවරයාට නියම කර තිබෙනවා.
පියුමි හංසමාලි සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා. පියුමි හංසමාලි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායිකාවගේ ව්‍යාපාරයෙන් අලෙවි කරන රූපලාවන්‍ය ද්‍රව්‍ය මිලදී ගනු ලබන ගනුදෙනුකරුවන් කැඳවා නිති විරෝධී වත්කම් විමර්ශන අංශයේ නිලධාරින් ප්‍රශ්න කිරීම් සිදු කරන බැව් ද සඳහන් කර තිබුණා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අදාළ මෝසම සම්බන්ධයෙන් ලබන 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කළා.
