තවත් මහා පරිමාණ පිරමීඩ ජාවාරමක් කොටුවෙයි..විශාල පිරිසක් මුදල් දීල අමාරුවෙ වැටිල.

Central Bank of Sri Lanka CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police
By Aruna Jan 31, 2025 04:00 AM GMT
Aruna

Aruna

Report

අන්තර්ජාල රැකියා ලබාදෙන බව පවසා දිවයින පුරා වෙසෙන පුද්ගලයන් දහස් ගණනක් රවටා රුපියල් කෝටි ගණනක මහා පරිමාණ පිරමීඩ ජාවාරමක් සිදුකළැයි කියන සමාගමක ප්‍රධානියා ඇතුළු අධ්‍යක්ෂවරුන් හත්දෙනකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ (30) දින නියෝග කරනු ලැබී ය.

ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් එම නියෝගය කර ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල දැනෙන ගණනකින් අඩු කරයි?..2025 නව වසරේ ආරංචිය සුබයි.

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල දැනෙන ගණනකින් අඩු කරයි?..2025 නව වසරේ ආරංචිය සුබයි.


මෙලෙස විදෙස් ගමන් තහනම් කරනු ලැබුවේ අදාළ පිරමීඩ සමාගමේ ප්‍රධානියා බව කියන හම්බන්තොට පදිංචි ජයසිංහ මානච්චිගේ සෝමලාල්, එහි අධ්‍යක්ෂවරුන් බව කියන කුරුණෑගල පදිංචිකරුවන් වන හේරත් මුදියන්සේලාගේ සමන්ත ගුණතිලක, අරවින්ද ජයලත් සේනාධීර, පිළියන්දල පදිංචි රඹුක්කන මග්ගනගේ අශාන් පුෂ්පකුමාර පෙරේරා, හිඳගොල්ල පදිංචි රන්පටි දේවයලාගේ විමලසේන, හේනේගම පදිංචි මාධව ලංකාතිලක, ඩයස් එදිරිසිංහ සහ කොඩිතුවක්කු, පන්නිපිටිය පදිංචි බාලවිට ගොඩහේවගේ ආනන්ද වීරඹ විකී යන පිරිසකගේය.

බැනර් කට් (Banner Cut) නමැති වෙබ් අඩවියක් ඔස්සේ වෙළෙඳ දැන්වීම් පැකේජයක් හා අන්තර්ජාල රැකියා ලබාදෙන බව පවසා ඊට අදාළ ප්‍රවර්ධනයන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු කරමින් මෙම පිරමීඩ ජාවාරම සිදුකර ඇතැයි අධිකරණයට දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මේ සම්බන්ධයෙන් පැමිණිලි 724 ක් ලැබී ඇතැයිද දන්වා තිබේ.

දකුණ හොල්ලමින් මහ රෑ බිහිසුනු වෙඩි වරුසාවක්..පුද්ගලයින් 03ක් මියයයි.

දකුණ හොල්ලමින් මහ රෑ බිහිසුනු වෙඩි වරුසාවක්..පුද්ගලයින් 03ක් මියයයි.


අදාළ පිරමීඩ ජාවාරම සම්බන්ධයෙන් පැමිණිලි 20 ක් වෙන් වෙන් වශයෙන් ලැබී ඇතැයි දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කොට්ටාව ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන එම ජාවාරම සිදුකර ඇතැයිද දන්වා ඇත.

මෙම සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබීය.

You May Like This Video


ReeCha