දකුණ හොල්ලමින් මහ රෑ බිහිසුනු වෙඩි වරුසාවක්..පුද්ගලයින් 03ක් මියයයි.
ගාල්ල, හිනිදුම පනංගල ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙන බව වාර්තා වනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කළේ, මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් තිදෙනෙකු එම ස්ථානයේම මියගොස් ඇති බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ගාල්ල, හිනිදුම ප්‍රදේශයේ ආයතනයකට, යතුරුපැදියකින් පැමිණි ප්‍රහාරකයින් දෙදෙනෙකු T56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
මේ අතර වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ මෙම පුද්ගලයින් තිදෙනා මත්පැන් පානය කරමින් සිට ඇති බවයි සඳහන් වන්නේ.
මියගිය අය අතර 29 සහ 54 හැවිරිදි වියේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකු සිටින අතර අනිත් පුද්ගලයාගේ වයස තහවුරු කරගෙන නොමැති බවයි පැවසෙන්නේ.
කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.