පිල්ලයාන් යළි රිමාන්ඩ් - මෙන්න විස්තරේ

Report

නැඟෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක දී T-56 ගිනිඅවිවලින් වෙඩි තබා පුද්ගලයන් පස්දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම් මාලාවකට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් සැප්තැම්බර් මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොළොන්නරුව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි.

සුලු මොහොතකට පෙර හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් අධිකරණයට

සුලු මොහොතකට පෙර හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් අධිකරණයට

මෙම නඩුවේ අනෙකුත් විත්තිකරුවන් ලෙස කතිර්ගතම්බි ජෙයකින් හෙවත් ජෙයන්තන්, නිමල් දෙව්සුකන් හෙවත් ජෙයකන්දන් සහ නඩරාසා නගුලේන්ද්‍රන් හෙවත් සිම්බු හෝ නගුලන් යන අය නම් කර තිබුණි.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය රවීන්ද්‍රනාත් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම සිව්දෙනාට චෝදනා එල්ල වී ඇත. අධිචෝදනා අනුව, 2006 දෙසැම්බර් 16 සහ 18 අතර කාලය තුළ මහාචාර්ය රවීන්ද්‍රනාත් පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බව සඳහන් වේ.