සූකර රක්ෂණය ප්‍රවර්ධනය කිරීමේ මාසයක් ප්‍රකාශ කරයි - වාර්ෂිකව රු.200,000 ක උපරිම රක්ෂිත මුදලක්
අප්‍රිකානු සූකර උණ වසංගතය හේතුවෙන් සූකර කර්මාන්තයට සිදුවූ බලපෑම අවම කර ගොවීන් නැවත ශක්තිමත් කිරීමේ අරමුණින් හඳුන්වා දුන් සූකර රක්ෂණය ප්‍රවර්ධනය කිරීමේ මාසයක් ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව ජනාධිපති කාර්ය සාධක බළකායේ තීරණය අනුව සූකර රක්ෂණ යෝජනා ක්‍රමයක් සකස් කර සත්ව පාලන ගොවින් වෙත හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා.
එහිදී අගෝස්තු මාසය සූකර රක්ෂණ මාසයක් වශයෙන් ප්‍රකාශයට පත්කර අභිජනන සූකර සතුන් රක්ෂණය වෙනුවෙන් යොමු කිරීම ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් සකස් කර තිබෙනවා.
ඊට අමතරව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ වාණිජ මට්ටමින් නඩත්තු කරනු ලබන සූකර ගොවිපලවල් හි අභිජනන සතුන් රක්ෂණයට ඇතුළත් කරගැනීමද බලාපොරොත්තු වන බව සඳහන්.
අප්‍රිකානු සූකර උණ වසංගතය, හදිසි අනතුරු හා වෙනත් සූකර රෝග නිසා සිදුවන මරණ වෙනුවෙන් මෙම රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරයි.
එහිදී රක්ෂණ කාලය තුළ අභිජනන සතුන් වෙනුවෙන් මාස 06 සිට අවුරුදු 4 % දක්වා වාර්ෂිකව රු.200,000/- ක උපරිම රක්ෂිත මුදලකට යටත්ව රක්ෂණ ආවරණ ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව සඳහන්.
එමෙන්ම රක්ෂණ ක්‍රමවේදයට අදාළ තොරතුරු ඔබේ ප්‍රදේශයේ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාලය, පශු වෛද්‍ය නිලධාරී කාර්යාලය, සත්ව සංවර්ධන උපදේශන නිලධාරීන් මඟින් හෝ අපගේ ක්ෂණික දුරකථන ඇමතුම් අංකය වන 1918 ඇමතීමෙන් ද ලබාගත හැකි බව දන්වයි.