20ට කලින් හෙට කරන්න යන දේ මෙන්න..

Sri Lanka
By Aruna Jul 18, 2022 05:50 AM GMT
Aruna

Aruna

Report

වැඩබලන ජනාධිපති ධුරයේ කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතාට ඉවත්වන ලෙස බලකරමින් හෙට (19) දිනය විරෝධතා දිනයක් බවට පත්කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, තමන්ට ආසන්න නගරවලට පැමිණ රනිල් වික්‍රමසිංහට ඉවත්ව යන ලෙස දන්වමින් විරෝධතා පවත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එකමුතුවේ නියෝජිතයන් සමඟ ඊයේ (17) පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරව ඔහු මේ බව සඳහන් කළා.

රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ධුරයෙන් ඉවත්කිරීමට වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව දැවැන්ත ක්‍රියාමාර්ග ගන්නා බව එහිදී දැනුම් දුන් බවයි වසන්ත මුදලිගේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීම හෙට (19) දිනයේ පාර්ලිමේන්තුවේ දී සිදුකෙරෙනවා.