රු. ලක්ෂ 816ක අවුරුදු උත්සවයක් - පිරිසක් වර්ජනයක..

Sri Lankan protests Sri Lanka
By krishani Apr 22, 2023 05:08 AM GMT
krishani

krishani

Report

සමෘද්ධි අරමුදලින් රුපියල් ලක්ෂ 816ක් වැය කරමින් පැවැත්වීමට නියමිත සමෘද්ධි අවුරුදු උත්සවයට විරෝධය පල කරමින් අද (22) එය වර්ජනය කරන බව සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

එහි ජාතික සංවිධායක චාමර මද්දුමකළුගේ මහතා පැවසුවේ, රට තුළ ආර්ථික අර්බුදයක් පවතින මෙවන් මොහොතක මෙතරම් විශාල මුදලක් වැයකරමින් අවුරුදු උත්සවයක් පැවැත්වීම නොකළයුතු බව ය.

මේ පිළිබඳව සංඛ්‍යා දත්ත ලබාදෙමින් මාධ්‍ය දැනුවත්කිරීමේ මාධ්‍ය හමුවක් ද අද දින සංවිධානය කර ඇති බව ඔහු පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join