ලෝකයක්ම බලන් හිටපු අන්දොනාත්මක ලෙස පුපුරා ගිය ටයිටන් සබ්මැරීනයේ ඡායාරූප සහ වීඩියෝ එළියට දායි. (VIDEO / PHOTOS)

Titan Accident World Titanic Submarine
By Wayomi Sep 19, 2024 10:36 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය වසරේ ජූනි 18 ටයිටැනික් නෞකාවේ සුන්බුන් වෙත කිමිදෙන අතරතුරේ ව්‍යවසනකාරී ලෙස පිපිරී ගිය ටයිටන් සබ්මැරීනයේ ඡායාරූප සහ වීඩියෝ එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

ඒ , සබ්මැරීනයේ සොයමින් දුරස්ථව ක්‍රියාත්මක වන උපකරණයකින් ලබාගත් ඡායාරූප සඳුදා පැවති මාධ්‍ය හමුවකදීයි.

ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කරන වේලාව සහ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කරන ආකාරය ගැන මැකෝ ගෙන් දැනුම් දීමක්.

ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කරන වේලාව සහ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කරන ආකාරය ගැන මැකෝ ගෙන් දැනුම් දීමක්.


එමෙන්ම ටයිටන් හි අන්තර්ගතය මුහුදු පත්ල හරහා මීටර් 3,776 (අඩි 12,000) ගැඹුරට විසිරී ඇති බව පෙන්වන අවාසනාවන්ත සිදුවීමට අදාළ මෙම වීඩියෝව මේ සතියේ නිකුත් කර ඇති අතර පසුගිය වසරේදී මෙම මෙහෙයුම ආරම්භකර තිබුනා.

ඉල්ලන් කෑම සහ අනුර කුමාරගේ පරිපාලන දැනුම ගැන එළියට ආ තොරතුරු.

ඉල්ලන් කෑම සහ අනුර කුමාරගේ පරිපාලන දැනුම ගැන එළියට ආ තොරතුරු.


"මෙම වීඩියෝව මඟින් සාමාජිකයින් පස් දෙනාගේම මරණය පිළිබඳ අවසාන සාක්ෂිය ලබා දෙන බවයි වෙරළාරක්ෂක බලකාය පවසන්නේ.

විමර්ශකයින් පැවසුවේ, ටයිටන් පුපුරා යාම දක්වා එහි වාර්තාගත ගැටළු 100කට වඩා තිබූ බවයි.

මේ අතර පුපුරා යෑමට පෙර සබ්මැරීනය නිකුත් කළ අවසන් පණිවිඩය පිළිබඳවත් විදෙස් මාධ්‍ය හෙළිකර සිටියේ.

එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායේ විමර්ශකයින් පැවසුවේ, සම්බන්ධතාව සදහටම නැතිවීමට පෙර නිකුත් වූ අවසන් පණිවිඩය මෙය බවයි.

එම අවසාන පණිවිඩය වූයේ ''මෙතැන සියල්ල හොදින්'' යන්නයි.

Titan එහි කිමිදීම දේශීය වේලාවෙන් 09:17ට ආරම්භ කළ අතර මව් නෞකාවේ සිටි සහායක කාර්ය මණ්ඩලය ගිල්විය හැකි ගැඹුර සහ බර මෙන්ම එහි අභ්‍යන්තර ප්‍රදර්ශනයේ නැව තවමත් දැකිය හැකිද යන්න පිළිබඳව විමසා සිටි අතර සන්නිවේදනය අවුල් සහගත වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මැතිවරණ උණුසුම මැද පැය 24 තුළ තුළ සිව්වන වෙඩි තැබීම කුරුණෑගලින් වාර්තා වෙයි.- මේ වන විට 3ක් ඝාතනය වෙයි.

මැතිවරණ උණුසුම මැද පැය 24 තුළ තුළ සිව්වන වෙඩි තැබීම කුරුණෑගලින් වාර්තා වෙයි.- මේ වන විට 3ක් ඝාතනය වෙයි.


නමුත් කිමිදීමට පැයකට පමණ පසු, ටයිටන් "මෙතන සියල්ල හොඳයි" යනුවෙන් මෙම පණිවිඩය තබා තිබෙනවා.

කෙසේ වෙතත් ඉතාමත් ව්‍යවසනකාරී ලෙස මෙය පුපුරා ගිය මෙම සබ්මැරීනයේ සිට ජීවිතක්ෂයට පත්වූයේ බ්‍රිතාන්‍ය ජාතික ප්‍රකෝටිපති ගවේෂකයෙකු වන හේමිෂ් හාඩින්ග් (58), බ්‍රිතාන්‍ය-පාකිස්ථාන ජාතික පිය පුතු දෙපොළක් වන ෂෙහෙසාදා ඩවූඩ් (48) හා සුලේමාන් ඩවූඩ් (19), සාගර විද්‍යාඥ හා ගවේෂක පෝල්-ඕන්රි නාජලෙට් (77) හා ඕෂන්ගේට් ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටන් රෂ් (61) ය.

එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය මාධ්‍ය හමුවකදී ප්‍රකාශකර සිටියේ, 'ව්‍යසනකාරී ලෙස සබ්මැරීනය අභ්‍යන්තරයට හැකිලී යාම' හේතුවෙන් එහි ගමන් ගත් සියලු දෙනා මරණයට පත්වූ බවයි.

එහිදී අදහස් දැක්වූ රියර් අද්මිරාල් ජෝන් මෝගර් කියා සිටියේ ටයිටැනික් නැවේ සුන්බුන් අසල සිට දළ වශයෙන් අඩි 1600 ක් පමණ දුරින් ටයිටන් සබ්මැරීනයේ කොටස් හමු වූ බවත් එය ඇදහිය නොහැකි තරම් සංකීර්ණ පරිසරයක මෙය සිදුව ඇති බැවින් මඟීන්ගේ සිරුරු ගොඩගැනීමට හැකිද යන්න තහවුරු කළ නොහැකි බවත් ය.

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්. - ඡන්ද පොළට යන්න නීතියෙන් අවසර හිමි වන්නේ මේ අයට විතරයි. (PHOTOS)

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්. - ඡන්ද පොළට යන්න නීතියෙන් අවසර හිමි වන්නේ මේ අයට විතරයි. (PHOTOS)

රාජකාරිය අත්හිටුවයි. - රාජ්‍ය නිලධාරීන් 19ක් වැඩ වරද්ද ගත් හැටි.

රාජකාරිය අත්හිටුවයි. - රාජ්‍ය නිලධාරීන් 19ක් වැඩ වරද්ද ගත් හැටි.


"මෙම අතිශය ඛේදජනක කාලය තුළ අපේ හදවත් ඔවුන් පස්දෙනා සහ ඔවුන්ගේ පවුල්වල සෑම සාමාජිකයෙකුම සමගයි" යාත්‍රාවේ ක්‍රියාකරු වන ඕෂන්ගේට් සමාගම මීට පෙර පවසා සිටියා.

කිමිදීම අරඹා පැයකුත් මිනිත්තු 45කට පමණ පසු එම කුඩා සබ්මැරීන යාත්‍රාව සමග පැවැති සබඳතා බිඳවැටුණුබව එක්සත් ජනපද වෙරළාරක්ෂක සේවාව පවසා සිටියේ.

මීටර 3800ක ගැඹුරේ පිහිටි නෞකා සුන්බුන් වෙත කිමිදීම ද ඇතුළු දින අටක සංචාරයක් සඳහා වන ටිකට්පතෙහි මිල ඩොලර් 250 000ක්



GalleryGalleryGalleryGalleryGallery