ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියෙකු කටුනායක දී අත්අඩංගුවට - හේතුව මෙන්න
බැංකොක් සිට පැමිණි 33 හැවිරිදි ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියෙකු රුපියල් මිලියන 25ක් පමණ වටිනා 'කුෂ්' මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ගුවන්තොටුපොළේදී රේගු අත්අඩංගුවට පත්ව තිබේ.
වියළි පළතුරු පැකට් තුළ ඉතා සූක්ෂම ලෙස අසුරා තිබූ මෙම කුෂ් ග්‍රෑම් 2,505ක ප්‍රමාණය සොයාගැනීමට හැකිව ඇත්තේ, සැකකරු හරිත මාවත (Green Channel) ඔස්සේ පිටව යාමට උත්සාහ කිරීමේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ට ඇති වූ සැකයක් මත සිදුකළ පරීක්ෂාවකදීය.
කොළඹ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන සඳහා ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිතය.