දක්ෂිණ අධිවේගයේ ඇතිවූ තදබදය - මොකද්ද මේකට හේතුව?
            
                
                By Zara
            
            
                
                
            
        
    දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට දොඩම්ගොඩ දෙසට ධාවනය වූ පරිප්පු ලොරියක් කිලෝමීටර් 17 කණුව ආසන්නයේදී අනතුරට ලක්ව තිබේ.
ලොරියේ පසුපස රෝදය ගැලවී යෑමෙන් අනතුර සිදුව ඇති අතර පසුව ලොරිය පෙරළී ගොස් ඇත.
මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ද ඇතිවුණි.
අධිවේගී පොලීසිය පැමිණ මේ වනවිට රථවාහන තදබදය අවම කිරීමට කටයුතු සිදුකරමින් පවතී.