පෞද්ගලික බස් රථවල වැරදි කියන්න මගීන්ට දුරකථන අංක.......මේ පළාතේ බස්රථ වැරදි කලොත්..දැඩි දඬුවම් ..

Sri Lanka Transport Fares In Sri Lanka Western Province
By Sithumi Sep 18, 2023 11:44 AM GMT
Sithumi

Sithumi

Report

 බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය..විසින් පෞද්ගලික බස් රථවල මගින් දැනුවත් කිරීමට දුරකථන අංක ඇතුළු ස්ටිකර් හඳුන්වා දුන්නා බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණේ පෞද්ගලික බස් රථ..

*අතරමග නතර කරගෙන සිටින්නේ නම්..

*ඉතා සෙමින් ධාවනය කරන්නේ නම්..

*අනතුරුදායක ලෙස ධාවනය කරන්නේ නම්..

*ගාස්තු වැඩිපුර අය කරන්නේ නම්..

*ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන්නේ නම්..

*රියදුරු කොන්දොස්තර වැරදි ක්‍රියාවක යෙදෙන්නේ නම්...

මෙම දුරකථන දුරකතන අංකවලට කතා කර පැමිණිලි කිරීමට මගී ජනතාවට හැකියාව ලැබෙනවා... මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ස්ටිකර් බස් රථ වලට ඇලවීම සිදුකළා.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ... මගී ජනතාවගෙන් ලැබෙන පැමිණිලි අනුව වරදකරුවන් වන බස් රථ වල හිමිකරුවන්ට මෙන්ම රියදුරුට , කොන්දොස්තර ටත් ,නීති මගින් ක්‍රියා කරන බවයි.

මගී ජනතාව වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවත් ගුණාත්මක බස් රථ සේවාවක් පවත්වාගෙන යෑම මෙහි අරමුණ බවත් පැවසුවා.

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය බස්නාහිර පළාත මහජන පැමිණිලි...0112 860860 අංකයට මගී ජනතාවට පැමිණිලි කිරීමට පුළුවන්... මීට අමතරව 0760450860 යන දුරකථන අංකය ද මගී ජනතාවට ලබා දී තිබෙනවා... බස්නාහිර පළාත තුළ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක යි..

- සිතුමි -