ෆෝන් කෝල් එකක් නිසා තරුණයෙක් මරුට
සෙට්ටිකුලම පොලීසිය පවසන පරිදි සෙට්ටිකුලම – වීරපුරම් ප්‍රදේශයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකින් තුවාල ලැබූ පුද්ගලයෙකු වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.
ඒ අනුව මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 19ක් වූ තවසිකුලම් නම් වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දුරකතන සංවාදයක් හේතුවෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිරිසක් විසින් මෙම තරුණයාට තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි.
මෙම සිද්ධියට අදාළව වයස අවුරුදු 19 සහ 22 අතර පසුවන සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා සෙට්ටිකුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතී.