කොවිඩ් වැළඳුණු පසු සුවය ලැබීම සඳහා Pfizer සමාගම නිපදවූ ඖෂධය සාර්ථක යි
By Sithumi
අමෙරිකාවේ Pfizer සමාගම නිපදවූ බෙහෙත් පෙති මගින් කොවිඩ් රෝගීන් රෝහල්ගත වීමේ සහ මරණ අවදානම 89%කින් අඩු වන බව සායනික පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.
Paxlovid නමැති මෙම ඖෂධය රෝග ලක්ෂණ මතු වීම ආරම්භ වන අවස්ථාවේදී ලබා දිය හැකි බව නිෂ්පාදකයෝ පවසති.
රෝගය බරපතළ වීමේ වැඩි අවදානමක් සහිත පුද්ගලයින්ට මෙය ලබා දීමෙන් ප්‍රතිඵල අත් වන බව තහවුරු කර තිබේ.
මෙම ඖෂධයෙන් ඖෂධ 25000ක් එක්සත් රාජධානිය ඇණවුම් කර තිබේ. මෙම ඖෂධය දිනකට දෙවරක් බැගින් දින 5ක් අඛණ්ඩව ලබා ගත යුතු ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |