භයානක තත්වයක්.. මහජන සෞක්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇගවීමක්..

Srilanka Covid 19
By Sithumi Feb 20, 2022 11:57 AM GMT
Sithumi

Sithumi

Report

නොසිතූ ලෙස කොවිඩ් රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවත් එකම රෝගියාට අවස්ථා ගණනාවක වෛරසය නැවත වැලඳීමේ හැකියාව ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. 

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඒ බව සඳහන් කළේය. පවතින අවධානම් තත්ත්වය හමුවේ පූර්ණ එන්නත්කරණයට ලක්වීම ඉතා වැදගත් බව ඒ මහතා පෙන්වා දෙයි. "කොවිඩ් - 19 රෝගීන් මේ වෙද්දි විශාල වශයෙන් බිම් මට්ටමෙන් වාර්තා වෙනවා. 

ඉතාමත් අවාසනාවන්ත විදිහට රෝගය පැතිරයමින් තිබෙනවා කියන එක තමයි අපිට පෙනෙන්න තියෙන්නේ. අපි බලාපොරොත්තු වුණාට ලංකාවේ වැඩි ප්‍රමාණයකට රෝගය වැලඳිලා නතුකරගත්තු ප්‍රතිශක්තියට සමූහ ප්‍රතිශක්තිය ඇතිවෙයි කියලා. 

නමුත් අපිට පෙනෙන්න තිබෙන්නේ බිම් මට්ටමමේ එකම රෝගියාට අවස්ථා ගණනාවකදී කොවිඩ් -19 වැලඳෙනවා මාසයක මාස එකහමාරක පරතරයෙන්. ඒ නිසා අපිට එහෙම අපේක්ෂා කරන්න බැහැ කියන එක තමයි පෙන්න තියෙන්නේ. 

ඒ වගේම මේ වෙද්දි රෝගීන් වාර්තාවීම ඉහළයාම නිසා ප්‍රතිශක්තිය හීන යම් අයෙක් ඉන්වානම් ඒ වගේම එන්නත් ලබා නොගත්ත අයෙක් ඉන්නවානම් ඔවුන්ට රෝග ලක්ෂණ තීව්‍ර වෙනවා වගේම මරණය කරා යමින් තිබෙනවා කියන එක තමයි පෙන්න තියෙන්නේ. කෙසේවෙතත් අපි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ මොහොත ඉතාමත් බැරෑරුම්. 

කොවිඩ් -19 රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙනවා. ඒ නිසා අපිට කළ හැකි හොඳම දේ තමයි සෞඛ්‍ය උපදෙස් දැඩිව පිළිපැදීම සහ ඔබට ඊළඟට ලබාගැනීමට නියමිත එන්නත් මාත්‍රාව ලබාගන්න එක. කෙසේවෙතත් ලංකාවේ අප්‍රේල් 30 වනදා පස්සේ කිසිදු ප්‍රසිද්ධ ස්ථානයක, පොදු ස්ථානයක පූර්ණ එන්නත්කරණය ලක් නොවූ කිසිදු අයෙකුට ගමන් කරන්න බැහැ රැඳි සිටින්න බැහැ. 

එහෙම වුණොත් නිරෝධායන අඥාපනත කඩකිරීමක්. ඒ නිසා රාජ්‍ය ආයතන, සියලුම පෞද්ගලික ආයතන ඒ වගේම පොදු ස්ථානවල රැඳී සිටින සියලුම පුර්ණ එන්නත්කරණයට ලක්විය යුතු අයවලුන්. ඒ නිසා අපි කියනවා ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා නෛතිකමය අවශ්‍යතාවය සඳහාත් කොවිඩ් -19 එන්නත වහාම ලබාගන්න කටයුතු කරන්න

. එහෙම ලබාගෙන තමන්ගේ සහ අසල්වැසියන්ගේ දූදරුවන්ගේ ජීවිත ආකරක්ෂා කරන්න වගකීමෙන් කටයුතු කරන්න. සිව් වන එන්නතක් ලබාදීම සඳහා තවම චක්‍රලේඛ හෝ මාර්ගොපදේශ ලැබිලා නැහැ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now