ෆයිසර් එන්නත ළමයින්ට ලබාදීමට අනුමැතිය

approval European union pfizer vaccine Jarmon stella kriyakydis
By Sewvandhi May 29, 2021 05:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ෆයිසර් එන්නත වයස අවුරුදු 12ත්, 15ත් අතර ළමයින්ට ලබාදීමට යුරෝපා සංගමයේ අනුමැතිය හිමිව තිබෙනවා.

යුරෝපා සංගමයේ සෞඛ්‍ය කොමසාරිස් ස්ටෙලා ක්‍රියාකයිඩ්ස් ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා වසංගතය අවසන් කිරීමට මෙය තවත් එක් පියවරක් බවයි.

කෙසේ වෙතත්, දරුවන්ට එන්නත් ලබාදිය යුතු ද යන්න රජයේ තීරණවලින් ඔබ්බට දෙමව්පියන් විසින් ගත යුතු බවයි ඇය ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ.

යුරෝපා රටක් වන ජර්මනිය ලබන මාසයේ සිට වයස අවුරුදු 12ට වැඩි ළමයින්ට ෆයිසර් එන්නත ලබාදීමට දැනටමත් තීරණය කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now