සුරතල් සතුන් දින 14ක් යනතුරු ලඟට ගන්න එපා..මහ ජනතාවට විශේෂ දැනුම්දීමක්..

Report

නිවෙසට අලුතින් හදාවඩා ගැනීමට රැගෙන එනු ලබන බල්ලන් සහ පූසන් වැනි සුරතල් සතුන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය මහජනතාවට දැනුවත් කිරීමක් සිදුකොට තිබේ.

එනම් එමගින් දැනුම්දී ඇත්තේ, සතුන් දින දාහතරක්(14) යනතුරු එම සතුන් තම සමීපයට නොගන්නා ලෙසටයි.

වෛද්‍යවරු මේ බව පවසා සිටියේ, සැප්තැම්බර් මස 28 වැනිදා ජලභීතිකා දිනයට සමගාමීව ඊයේ (20 දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්.

මේ අතර, සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ, සුනඛයින් නොවන සතුන්ගේ සපා කෑම්වලින් ජලභීතිකාවට ගොදුරුව මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව පසුගිය වසර කිහිපය තුළ ඉහළ ගොස් ඇති බවයි.