ඉදිරියේදි ඉන්දන විදුලිය දෙකම නැති වෙන තත්වයක්. සම්පූර්ණ විස්තරය

Power cut petroliom buisiness
By Sithumi Jan 14, 2022 06:22 PM GMT
Sithumi

Sithumi

Report

පවතින විදුලිය අර්බුදය හේතුවෙනුත් දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 1500ක ප‍්‍රමාණයක් ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟතාව පළ කර තිබේ. 

 එළඹෙන අඟහරුවාදා දින තෙක් මෙම ඩීසල් ප්‍රමාණය දෛනිකව ලබා දෙන බවත් ඉන් අනතුරුව කරන ආකාරය පිළිබඳව අඟහරුවාදා දින සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවත් සංස්ථාව සඳහන් කරයි. 

මේ අතර ඉදිරි දින පහළොවක පමණ කාලය සඳහා අවශ්‍ය වන ඉන්ධන තොග අසීරුවෙන් කලමණාකරණය කල හැකි තත්වයක තෙල් සංස්ථාව සිටියද විදුලි උත්පාදනය සඳහා ඩීසල් තොග දෛනිකව විදුලි බල මණ්ඩලය වෙත ලබා දීම මත ඩීසල් හිඟයක් ඇතිවීමේ තත්ත්වයක් ඇතිවී තිබේ.

දැනටමත් මෙරටට ආනයනය කරන ඉන්ධන සඳහා ඩොලර් සොයා ගැනීමේ දැඩි අර්බුදකාරී තත්ත්වයකට සංස්ථාව පත්ව සිටයි. විෂය භාර ඇමති උදය ගම්මන්පිල මහතා කිහිපවිටක්ම අනතුරු අඟවා සිටියේ ඇතැම් විට ඉදිරි දිනවල ඉන්ධන හිඟ වීමේ අවදානමක් ඇති බවයි.

මේ බව පසුගිය කැබිනට් මණ්ඩල වාර කිහිපයකට ඇමතිවරයා විසින් දැනුම් දී තිබේ. එමෙන්ම අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කල නොහැකි බවද ඇමතිවරයා සති අන්ත පුවත්පතකට පවසා තිබින


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now