ඉදිරි දින කිහිපයේ පෙට්‍රල් හා ඩීසල් ලබාදීමට සිදුවන දේ මෙන්න..

Ceylon Petroleum Corporation Sri Lanka
By Aruna Jul 18, 2022 12:39 AM GMT
Aruna

Aruna

Report

ඩීසල් හා පෙට්‍රල් නෞකා තුනක්ම මේ වනවිට ගෙන්වා ගැනීමට සමත්ව තිබුණත් පෙට්‍රල් හා ඩීසල් හිඟය ඉදිරි දින දෙක තුනේදී තවත් උග්‍ර වනු ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීහු කියා සිටිති.

මීට හේතුව වී ඇත්තේ හඳුන්වා දී තිබෙන විශේෂ ඇප් එක තාමත් පරීක්‍ෂණ මට්ටමේ තිබීම හා ඊට සංශෝධන කිහිපයක් එක්කරන තෙක් ඉන්ධන බෙදාහැරීම ප්‍රමාද වීමය.

මේ වනවිට ලංගම සතුව ඇති ඩීසල් සංචිත ද විශාල ලෙස පහළ බැස ඇත.

කෙසේ වෙතත් ඉන්දීය තෙල් සමාගම (අයි.ඕ.සී) මෙරට සමස්ත ඉන්ධන අවශ්‍යතාවයෙන් සියයට 10 ක පමණ ප්‍රමාණයක් සපුරාලන බවත් එම සමාගම නොතිබුණේ නම් අත්‍යවශ්‍ය සේවා මෙන්ම සියලු ප්‍රවාහන කටයුතු සති දෙකකට පෙර නතරවීමට තිබූ බව ද එම නිලධාරීහු කියා සිටිති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now