සහෝදරයාගේ අනියම් බිරිදගේ බාල වයස්කාර දියණියට කල අපරාධය..
බාල වයස්කාර දැරියක් සමඟ අඹුසැමි සම්බන්ධතා පවත්වා ඇයව ගැබිණියක් බවට පත් කළ වයස අවුරුදු 22ක සැකකරුවෙක් කොස්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දංකොටුව, පොතුවටවන ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්වන අතර ඔහු ඇඟළුම් කර්මාන්තශාලාවක සේවය කරන අයෙක්.
සැකකරු අතින් මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 15ක දැරියක් බවයි පොලිසිය සඳහන් කළේ.
දැරිය ඇයගේ මව, සහෝදරයින්, මවගේ අනියම් සැමියා සහ එම අනියම් සැමියාගේ සහෝදරයෙකු සමඟ නිවසේ ජීවත්ව වන බවයි තොරතුරු වාර්තා වන්නේ.
පසුගිය කාලයේ දැරිය තම මවගේ අනියම් සැමියාගේ සහෝදරයා සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර එම සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස 2022 වසරේ දෙසැම්බර් මාසයේ දිනක ඔවුන් පළමුවරට අඹුසැමි සම්බන්ධතා පවත්වා ඇත.
එතැන් සිට අවස්ථා කීපයක දී තමන් සැකකරු සමග අඹුසැමි සම්බන්ධතා පවත්වා ඇති බවයි දැරිය පොලීසියට පවසා ඇත්තේ.
මීට සතියකට පමණ පෙර දිනක ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාව දැරිය හමු වී ඇයගේ ශරීරයේ තත්ත්වය පිළිබදව විමසා ඇති අතර, එහිදී ඇය සත් මසක ගැබිණියක් බවට හඳුනාගෙන තිබෙනවා.
පසුව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය විසින් මේ බව දැරියගේ මවට මේ බව පවසා ඇති අතර, මේ බව දැනගත් තවත් අයෙකු විසින් කොස්වත්ත පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.
ඉන් අනතුරුව ආරම්භ කළ විමර්ශනවල දීයි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකර ඇති අතර, සැකකරු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
-
NPP 57072
Jathika Jana Balawegaya
79.22% -
SJB 6492
Samagi Jana Balawegaya
9.01% -
NDF 3492
New Democratic Front
4.85% -
SLPP 2877
Sri Lanka Podujana Peramuna
3.99% -
OTHERS 2113
All Other Parties
2.93%