බැංකු ලාභ ලබයි රටම සාර්ථකයි

Report

මෙම වසරේ (2025) පළමු මාස හයේ දී බැංකු අංශය විසින් සියයට 67.8 (67.8%) කින් සැලකිය යුතු ලෙස සිය ලාභය වර්ධනය කර ඇති බව වාර්තා වේ.

මේ අනුව පසුගිය වසරේ (2024) පළමු මාස හයේ දී රුපියල් බිලියන 111.8 ක් වූ බැංකු අංශයේ බදු ගෙවීමෙන් පසු ලාභය, මේ වසරේ (2025) පළමු මාස හයේ දී රුපියල් බිලියන 187.5 ක් දක්වා වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ සදහන් වේ.

අම්මෝ අද රන්මිල හොදටම බැහැලා අලුත්ම මිල මෙන්න

අම්මෝ අද රන්මිල හොදටම බැහැලා අලුත්ම මිල මෙන්න

පෙර වසරේ පළමු මාස හය හා සසඳන විට මේ වසරේ (2025) පළමු මාස හයේ දී බැංකු අංශයේ ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 103.9 කින් වැඩිවීම, මෙසේ බැංකු අංශයේ ලාභය වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු විය.

මෙසේ බැංකු අංශයේ ලාභයේ වැඩිවීමක් හේතුවෙන් 2024 පළමු මාස හයට සාපේක්ෂව 2025 පළමු මාස හයේ දී බැංකු අංශයේ ලාභදායිතා අනුපාත වැඩිදියුණු වූ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ එම නවතම වාර්තාවේ සදහන් වේ.

වාහන මිල ගැන මහ බැංකුවෙන් සුභ ආරංචියක්

වාහන මිල ගැන මහ බැංකුවෙන් සුභ ආරංචියක්