යාපනයේ වාහනයකට පොලිස් වෙඩි
යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේදී අනවසරයෙන් වැලි ජාවාරම් කළ පුද්ගලයෙකු පැදවු ට්‍රැක්ටර් රථයකට ද පොලීසිය විසින් වෙඩිතැබීමක් සිදුකර ඇත.
මෙම ට්‍රැක්ටර් රථය නවත්වන ලෙස පොලිස් නිලධාරීන් නිසින් අණ කර ඇති බවත් එහිදී ට්‍රැක්ටර් රථයේ රියදුරු විසින් පොලිස් නිලධාරීන්ව අනතුරට ලක් කිරීමට උත්සහ දරා ඇති බව කොඩිකාමම් පොලීසියේ ස්ථානාධිපතිවරයා පැවසුවේය.
පසුගිය 24 වනදා මෙම සිදුවීම වාර්තා වූ අතර පොලීසිය විසින් ට්‍රැක්ටර් රථයේ රෝදයකට වෙඩි තැබීමට කටයුතු කර ඇත.
වෙඩි වැදීමෙන් ට්‍රැක්ටර් රථයේ රෝදයකට හානි සිදුව ඇති අතර ට්‍රැක්ටර් රථය පැදවු 18 හැවිරිදි තරුණයෙකු ද තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර ඇත.
තුවාල ලැබු පුද්ගලයා පොලිස් ආරක්ෂාව යටතේ යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.