මේවා සල්ලි යකෝ..මගේ අතට ගානක් එනවනම් අනිත් උන්ට මොනා උණත් කමක් නෑ කියලා කරලා තියන දේ බලන්න...
ගුල්ලන් සහිත මනුෂ්‍යය පරිභෝජනයට නුසුදුසු කඩල පරිප්පු කිලෝ 3,000 ක් වෙළඳපළට නිකුත් කිරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගත් පෑලියගොඩ ගබඩා භාරකරුවෙකුට රුපියල් 20,000 ක දඩයක් නියම කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සජීවනී පතිරාජ මහත්මිය නියෝග කළාය.
එමෙන්ම අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝගය නිකුත් කරමින් එම පරිප්පු තොගය අධිකරණ නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ විනාශ කරන ලෙසත් නියෝග කළාය.
පෑලියගොඩ ගබඩාවක භාරකරුවෙකු වන වේලු අත්පුදරාජ් නැමැත්තෙකුට අධිකරණයෙන් එසේ දඩ නියම කෙරුණි.
විත්තිකාර පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් කළ පෑලියගොඩ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වයි.වී ලක්මාල් ද සිල්වා මහතා සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අධිකරණය පවසා ඇත්තේ ඉහත සඳහන් ගබඩාව පරීක්ෂා කිරීමේදී එහි තිබී ගුල්ලන් සහිත මිනිස් පරිභෝජනයට නුසුදුසු කඩල පරිප්පු කිලෝග්‍රෑම් 30,000 ක් සොයා ගැනීමට හැකි වූ බවය.
පරස්තාව නම් හරි දැන්..දුක් වේවි හිටපු කාලය ඉවරයි.. අලුතින් විවාහ වුණු අයට මෙන්න සුබම සුබ ආරංචියක්...
කල් ඉකුත් වීමේ දිනය 2026 ජූලි මස ලෙස බහාලුම් තුළ සඳහන් කරමින් එම පරිප්පු තොගය මහජන පරිභෝජනය සඳහා වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු යොදා තිබූ බවද මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා අධිකරණයට දැන්වීය.
අත්අඩංගුවට ගෙන තිබෙන එම පරිප්පු තොගය විනාශ කිරීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙස ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය අධිකරණ නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ එම පරිප්පු තොගය විනාශ කරන ලෙසද නියෝග කළාය.
You may like this video