විරෝධතාවකට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර..!
By Sewvandhi
අද (18) දහවල් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කර තිබූ විරෝධතා පාගමනකට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මෙම විරෝධතා පාගමන දියත් කර තිබුණේ, සමාජ මාධ්‍ය වාරණ පනත වහා හකුළා ගනු, PTA අහෝසි කරනු, නිදහස් අධ්‍යාපන, නිදහස් සෞඛ්‍ය වනසන උපාධි කඩ වහා හකුලා ගනු යනුවෙන් සඳහන් කරමින්ය.
ජීවනබරට අනුව මහාපොළ ශිෂ්‍යාධාර වාරික වහා ඉහළ දැමිය යුතු බවටද විරෝධතාවයේ නිරත ශිෂ්‍යයින් සඳහන් කරයි.