පොලිස් නිලධාරීන්ට පහර දුන් පිරිසක් අත්අඩංගුවට.

By Hashini Sep 25, 2023 03:53 AM GMT
Report

පොලිස් නිලධාරීන්ට පහර දුන් බව කියන තරුණයන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම තරුණයන් ඊයේ (24) සවස් කාලයේදී ගල්කිස්ස වෙරළ තීරයේ අනතුරු සහිත ස්ථානයක බිමත්ව අනාරක්ෂිතව දිය නාමින් සිටියදි, පොලිස් නිලධාරීන් පැමිණ ඔවුන්ට අවවාද සිදු කර තිබෙනවා.

මෙම ගැටුම හටගෙන ඇත්තේ එම අවස්ථාවේ දීයි.

තරුණයන් පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන, රාජකාරියට බාධා සිදු කරමින් පහර දුන් බව පොලිසිය සඳහන් කරනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ නිලධාරීන් දෙදෙනෙක් ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන, පිළියන්දල සහ අහුන්ගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් 06 දෙනෙක් වන අතර ඔවුන් අවුරුදු 16ත් 30ත් අතරේ පසුවන්නන් බවද සඳහන්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලිසිය සිදු කරනු ලබනවා.