SJB කට්ටියට සජිත්ව එපා වෙයි... - නව නායකත්වයක් ඉල්ලයි
සම ජන බලවේගයට නව නායකත්වයක් අවශ්‍ය බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.
පක්ෂයේ එකමුතුකම ආරක්ෂා කරමින් සමගි ජන බලවේගය ප්‍රතිසංවිධානය කළ යුතු බවත්, එහි වැඩපිළිවෙළ ජනතාව බලාපොරොත්තු වන ආකාරයට ප්‍රතිනිර්මාණය විය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
ඊළඟ ආණ්ඩුව බලයට පත්කිරීමේ වැඩපිළිවෙළ වෙනස් කිරීම පක්ෂය තුළ අත්‍යවශ්‍ය බවත්, ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙන යාමට හැකියාව, දැනුම සහ දැක්ම ඇති නව නායකත්වයකට පක්ෂයේ වගකීම් පැවරිය යුතු බවත් විජේසිරි මහතා වැඩිදුරටත් පැවසීය.
“ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරන, රටේ සංවර්ධනයට මඟ පෙන්වන නායකත්වයක් සමගි ජන බලවේගයට අවශ්‍යයි. ඒ සඳහා පක්ෂය තුළ ගුණාත්මක වෙනසක් ඇති කළ යුතුයි,” යනුවෙන් ඔහු සඳහන් කළේය.