PCR නෙගටිව් නම් විදෙස් සංචාරකයින්ට රට පුරා යෑමට අවසර
covid19
vaccination
tourist
quarantine
PCR test
By Sewvandhi
කොවිඩ් -19 ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සංචාරකයින්ට PCR පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වුවහොත් මෙරට ඕනෑම ස්ථානයක සංචාරය කිරීමට අවසර හිමිවන බව සංචාරක මණ්ඩලය දැනුම් දී තිබේ.
එම මණ්ඩලයේ උපදේශක නිමේෂ් හේරත් මහතා සඳහන් කළේ කෙසේවෙතත් ඔවුන් දින 7කට පසුව යළිත් PCR පරීක්ෂණයකට භාජනය විය යුතු බවය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
"සම්පූර්ණ එන්නත්කරණය ගත් සංචාරකයෙකු දින 14කට පසු සංචාරය කරනවා නම් එයාලා කිසිම නිරෝධායන ක්‍රියාවලියකට ලක්වෙන්නේ නෑ. ඒ අය ආවට පස්සේ කරන PCR එකෙන් නෙගටිව් නම් සමාජගතවෙන්න පුළුවන්. එතකොට එයාලට සංචාරක මණ්ඩලයෙන් අනුමත කරලා තියෙන ලෙවල් 1 හෝටල් විතරක් නෙමෙයි ඕන හෝටලයට කාමරයක සිටිමේ අවසරය දීලා තියෙනවා. එයාලා ලංකාවට ආවට පස්සේ 7වන දවසේ අනුමත කරන ලැබ් එකකින් තව PCR එකක් කරලා
කියන ඊමේල් එකට යොමු කරන්න ඕනේ."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |