ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ පුදුම හිතෙන ගාස්තු වැඩි වීම් එක්ක කල්ල මරේ.. 41කුත් වෙනම තෝරගෙන.. (PHOTO)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයින්ගේ ගෙවීම් ගැන නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන සියලුම ක්‍රීඩකයින්ගේ ගෙවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කළ බවයි.
ඒ අනුව ටෙස්ට් තරග සඳහා සහභාගී වන ක්‍රීඩකයින්ගේ තරග ගාස්තුව 100%කින් වැඩි කර තිබෙනවා.
එය ඔවුන්ගේ ගෙවීම් දක්ෂතා අනුව තීරණය කෙරේ.
එමෙන්ම, ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජයග්‍රහණය කිරීම, ජය පරාජයෙන් තොරව අවසන්වීම හෝ පරාජය වීම මත ද ගෙවීම් ක්‍රමවේද වෙනස් වේ.
තව ද, එක්දින ජාත්‍යන්තර තරග සහ 20යි 20 ජාත්‍යන්තර තරග සඳහා 25%කින් ගෙවීම් ඉහළ දමා ඇත.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මඟින් ශ්‍රේණිගත කර ඇති ක්‍රීඩකයින් සඳහා ද පිළිගැනීමේ ක්‍රමවේදයක් සකසන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ය.
කෙසේ වෙතත්, එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ නව කොන්ත්‍රාත්තු සඳහා ක්‍රීඩකයින් 41 දෙනෙකු තෝරාගෙන ඇති බව ය.
එම ක්‍රීඩකයින්ගෙ ලැයිස්තුව පහතින් දැක් වේ,


