උත්සව සමයේ භාණ්ඩ සැපයුමට බාධාවක් නැහැ - ඉන්දියාවේ එල්නිනෝ බලපෑමක්ද? - වියළි මිරිස්වලට පමණක් ගැටලුවක් බව ඇමති වසන්ත කියයි [VIDEO]

Report

උත්සව සමය වෙනුවෙන් මෙරට වෙළෙඳපොළට අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමේදී වියළි මිරිස් හැර අනෙකුත් භාණ්ඩ සම්බන්ධයෙන් කිසිදු හිඟයක් ඇති නොවන බව පිටකොටුව ආනයනකරුවන්ගේ සංගමය සමඟ පැවති සාකච්ඡාවකදී තහවුරු වූ බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

උත්සව සමය තුළ වෙළෙඳපොළේ භාණ්ඩ සුලබතාව සහ මිල ගණන්වල සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳව සොයා බැලීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

විශේෂයෙන් ඉන්දියාවට බලපා ඇති එල්නිනෝ කාලගුණික තත්ත්වය මෙරටට ආනයනය කරන භාණ්ඩවල මිල ගණන් කෙරෙහි බලපාන්නේද යන්න පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.

ආනයනකරුවන් පෙන්වා දී ඇත්තේ වියළි මිරිස් සම්බන්ධයෙන් පවතින ගැටලුව හැර අනෙකුත් සියලුම භාණ්ඩ කිසිදු බාධාවකින් තොරව මෙරටට ආනයනය කළ හැකි බවයි. ඉන්දියාවට බලපා ඇති එල්නිනෝ තත්ත්වය සහ අධික වර්ෂාපතනය හේතුවෙන් වියළි මිරිස්වල තෙතමනය ඉහළ යාම මෙම ගැටලුවට හේතු වී ඇති බව ද ආනයනකරුවන් පෙන්වා දී තිබෙනවා.

සෞඛ්‍ය වෘත්තීය සමිතිවලින් ආණ්ඩුවට රතු එළියක්

සෞඛ්‍ය වෘත්තීය සමිතිවලින් ආණ්ඩුවට රතු එළියක්

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) සහ ආහාර සම්බන්ධ නිර්ණායකවලට අනුව මෙරටට ආනයනය කරන වියළි මිරිස්වල තෙතමනය සියයට 12ට අඩු විය යුතුයි. එහෙත් දැනට ඉන්දියාවෙන් ලැබෙන ඇතැම් මිරිස් තොගවල තෙතමනය එම සීමාව ඉක්මවා යාම හේතුවෙන් ඒවා නිදහස් කරගැනීමේදී ගැටලු මතුව ඇති බව සඳහන්.

මේ හේතුවෙන් මිරිස් කන්ටේනර් කිහිපයක් රේගුවේ හෝ අදාළ නිදහස් කිරීමේ ක්‍රියාවලියේ සිරවී ඇති නමුත් එය වෙළෙඳපොළේ මිරිස් හිඟයක් නොවන බව ද අමාත්‍යවරයා පැහැදිලි කළා.

මෙම තත්ත්වය ලබන මාර්තු මාසය දක්වා පැවතිය හැකි බැවින්, ආනයනය කරන මිරිස්වල තෙතමනය පාලනය කරමින් නියමිත ප්‍රමිතියට අනුව වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා අන්තර්කාලීන වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ආනයනකරුවන් ඉල්ලීමක් කර ඇති බව ද ඔහු සඳහන් කළා.

මේ අතර, එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් ඉන්දියාවේ ඇතැම් භාණ්ඩවල මිල ඉහළ යාමක් වාර්තා වන බව ද ආනයනකරුවන් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව උත්සව සමයේදී මෙරට වෙළෙඳපොළට අවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව සැපයීම සඳහා වෙනත් වෙළෙඳපොළවල් වෙත යොමුවීම ඇතුළු ක්‍රියාමාර්ග ගැනීමට ද ඔවුන් එකඟ වී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

නොවැම්බර් 30 වැනිදා පාසල් වැසෙයිද? - අයවැයට එරෙහිව ගුරුවරු වෘත්තීය සමිති කළු විරෝධතාවක

නොවැම්බර් 30 වැනිදා පාසල් වැසෙයිද? - අයවැයට එරෙහිව ගුරුවරු වෘත්තීය සමිති කළු විරෝධතාවක

වියළි මිරිස් වැනි භාණ්ඩවල පවතින තාවකාලික සැපයුම් ගැටලු ප්‍රයෝජනයට ගනිමින් අසාධාරණ ලෙස මිල ඉහළ දැමීමට වෙළෙඳුන් කටයුතු කළහොත් ඒ සම්බන්ධයෙන් මැදිහත් වන බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

සාමාන්‍යයෙන් වෙළෙඳපොළේ ඉල්ලුම සහ සැපයුම අනුව මිල තීරණය වීම සුදුසු බවත්, එහෙත් පවතින හිඟයක් අවභාවිත කරමින් පාරිභෝගිකයන් සූරාකෑමට කටයුතු කළහොත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ පාරිභෝගික කටයුතු සභාව හරහා අවශ්‍ය පියවර ගන්නා බවත් ඔහු කියා සිටියා.

එමෙන්ම අර්තාපල්, ලූනු සහ පරිප්පු මිල ගණන්වල සැලකිය යුතු ඉහළ යාමක් මේ වන විට වාර්තා නොවන බව ද ආනයනකරුවන් පෙන්වා දී තිබෙනවා.

දේශීය අර්තාපල් සහ ලූනු අස්වනු අවසන් වී ඇති බැවින් මේ වන විට වෙළෙඳපොළේ පවතින්නේ ආනයනික තොග බවත්, ඉන්දියාවේ සහ පාකිස්තානයේ නව අස්වනු වෙළෙඳපොළට පැමිණීමත් සමඟ ඉදිරියේදී අර්තාපල් සහ ලූනු මිල තවදුරටත් පහළ යා හැකි බවත් ආනයනකරුවන් පවසා ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

2024දී මිලියන 110ක් - හිටපු ජනපතිවරුන්ගේ නඩත්තුවට දැන් වැය වන මුදල මෙන්න

2024දී මිලියන 110ක් - හිටපු ජනපතිවරුන්ගේ නඩත්තුවට දැන් වැය වන මුදල මෙන්න