අයේ බස්වල ටිකට් ගන්න අතට සල්ලි ඕන් නෑ 30 වෙනිදා ඉදන් අලුත් විදිහක්
ටිකට්පත් නිකුත් කිරීමේ යන්ත්‍ර සහිත බස් රථවල, බැංකු කාඩ්පත් භාවිතයෙන් මගීන්ට බස් ගාස්තු ගෙවීමේ හැකියාව ලබාදීමට රජය තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
ඒ අනුව 2025 නොවැම්බර් 30 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, අදාළ අවස්ථාව ලබාදෙන බවයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක අද (08) පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියේ.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,
"බස් ටිකට් එකෙන් මාටියා ගහනවා කියන එක ප්‍රසිද්ධ කාරණයක්. ලංකාවේ බස් කර්මාන්තය කරන්න බැරි එකට ප්‍රධාන හේතුවක්. බස් එකෙන් එන කිසිම ආදායමක් ගන්න බැහැ ව්‍යාපාරිකයාට. ඒ නිසා ලොකු ඉල්ලීමක් තියෙනවා පුද්ගලික බස්හිමියන්ගේ සංගම්වලින් කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේ ක්‍රමයක් හදලා දෙන්න කියලා.
ගොඩාක් අය වටේ ගිහිල්ලා තිබුණා ට්‍රාන්පෝට් කාඩ් හදන්න. ඒක කරදරකාර වැඩක්, ඒක පරණ වැඩක්. අපි ඒ නිසා බලාපොරොත්තු වෙනවා නොවැම්බර් 30 වෙනකොට ලංකාවේ දැනට බස් ටිකට් යන්ත්‍ර තියෙන බස් එකට ඕනම මගියෙක්ට පුළුවන් තමන්ගේ තියෙන ලංකාවේ භාවිත කරන්න පුළුවන් බැංකු කාඩ්පතක් භාවිත කරලා ටිකට්ක ගන්න."
යනුවෙන් සඳහන් කලේය.