විදුලි ගාස්තු සංශෝධනය ගැන දැනුම්දීමක්
ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කළ යෝජනාවට අදාළව මහජන අදහස් ලබා ගැනීම අදින් අවසන් බව සඳහන් වේ.
සියලුම පළාත් ආවරණය වන පරිදි, පසුගිය සැප්තැම්බර් 18 වැනිදා සිට මහජන අදහස් ලබාගැනීම ආරම්භ වූ අතර, එහි අවසන් සැසිය අද (08) බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසම සදහන් කරයි.
විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මඟින්, ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව 6.8% කින් ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා. ඒ අනුව, සියලු අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින්, අවසන් තීරණය ඔක්තෝම්බර් දෙවන සතියේ දී ප්‍රකාශ කිරීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසමේ අධ්යක්ෂ ජයනාත් හේරත් සඳහන් කර සිටියේ.