විදෙස් ගමන් බලපත් නිකුත් කිරිම සම්බන්ධයෙන් පණිවිඩයක්.
බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කර ඇත.
ඒ අද (14) උදෑසන 08.00 සිටයි.
ඊයේ (13) දහවල්, පරිගණක පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබුණු අතර එම තීරණයත් සමඟින් එහි පැමිණ සිටි ජනතාව නොසන්සුන් වීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගත්තේ ය.
පසුව එක්දින සේවාව මගින් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට එහි පැමිණි පිරිස ඊයේ රාත්‍රියේ එහි රැය පහන් කළ අතර ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ ඊයේ දිනයේ අයදුම්පත් භාරගත් සියලු දෙනාගේ ගමන් බලපත්‍ර අද නිකුත් කරන බව ය.
අද යළි දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නොහැකි අය වෙත කුරියර් සේවාවක් මගින් අදාළ ගමන් බලපත්‍ර නිවසටම ලබාදීමට පියවර ගන්නා අතර සේවාවන් ලබා ගැනීම සඳහා අද දිනයේ වේලාව වෙන් කරගත් අය අද එහි නොපැමිණෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
කෙසේවෙතත් සෑම අයකුම තමන් වේලාව වෙන් කර ගත් දිනට නොපැමිණ ඊට පසු දින පැමිණෙන ලෙස ද ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා ජනතාවට පවසා සිටියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |