ගුවන් යානයේ එන්ජිමෙන් ලෝහ කැබලි ගැලවී මගියෙකු අනූනවයෙන් බේරුණු හැටි පරීක්ෂණයෙන් හෙළි වෙයි

Report

පසුගිය මාසයේදී රයන්එයාර් ගුවන් යානයක සිදුවූ අනතුරුදායක සිදුවීමකට හේතුව වූ එන්ජින් පංකා තලයක ලෝහ තෙහෙට්ටුවක් (metal fatigue) පැවති බවට මූලික සාක්ෂි හමුවී ඇතැයි ඇමරිකානු ගුවන් ආරක්ෂණ විමර්ශකයන් පවසයි.

ඇමරිකානු ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය (NTSB) නිකුත් කළ මූලික වාර්තාවකට අනුව, කැඩී ගිය එන්ජින් පංකා තලයේ බිඳී ගිය කොටසේ සියයට 37කට ආසන්න ප්‍රමාණයක නැවත නැවත ඇති වූ පීඩනය හේතුවෙන් ලෝහ තෙහෙට්ටුවක් ඇතිවීමේ ලක්ෂණ හඳුනාගෙන තිබේ.

විමර්ශකයන් පවසන්නේ පංකා තලයේ මුල් කොටස ආසන්නයේ මෙම හානිය දක්නට ලැබුණු බවයි. එහෙත් එය කැඩී යාමට නිශ්චිත හේතුව මෙතෙක් තහවුරු කරගෙන නොමැති බව NTSB සඳහන් කරයි.

මෝදිගෙන් දැඩි අනතුරු ඇඟවීමක් -“බුද්ධිමය නක්සල්වාදීන්” ගැන නිදහස් දිනයේදි රටටම කියයි

මෝදිගෙන් දැඩි අනතුරු ඇඟවීමක් -“බුද්ධිමය නක්සල්වාදීන්” ගැන නිදහස් දිනයේදි රටටම කියයි

ගුවන් යානයේ පීඩනය අඩුවෙයි

මෙම සිද්ධිය ජූලි 10 වැනිදා සිදුව ඇති අතර, එම ගුවන් යානය Ryanair සමාගමට අයත් Malta Air විසින් මෙහෙයවන Boeing 737-800 වර්ගයේ ගුවන් යානයකි.

ග්‍රීසියේ තෙසලෝනිකි නුවර සිට ජර්මනියේ මෙමින්ගන් බලා ගමන් කරමින් තිබූ ගුවන් යානය අඩි 16,000ක් පමණ උසකට නැගෙමින් සිටියදී දකුණු එන්ජිමේ අධික කම්පනයක් පිළිබඳ අනතුරු ඇඟවීමක් නියමුවන්ට ලැබී තිබේ.

එම කම්පනය ඉතා වේගයෙන් වැඩිවීමෙන් අනතුරුව විශාල ශබ්දයක් ඇසී ඇති අතර, ඒ සමඟම ගුවන් යානයේ කැබින් පීඩනයද අඩු වී තිබේ. එන්ජිමෙන් වෙන් වූ ලෝහ කොටස් ගුවන් යානයේ බඳට වැදී කැබින් තුළට ඇතුළු වී ඇති අතර, 11 වැනි පේළියේ තිබූ කවුළුවක්ද සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

මගියෙකු කවුළු විවරයට ඇදී යයි

සිද්ධියෙන් පසු උපකාර ඉල්ලා කළ දැනුම්දීමකට ප්‍රතිචාර දැක්වූ ගුවන් සේවිකාවක්, 11F ආසනයේ සිටි 61 හැවිරිදි මගියෙකු විනාශ වූ කවුළු විවරය තුළට අර්ධ වශයෙන් ඇදී ගොස් සිටින අයුරු දැක තිබේ.

අනෙකුත් මගීන් එක්ව ඔහුව යළි ගුවන් යානය තුළට ඇදගෙන ඇති අතර, ඔහුගේ බෙල්ලට සහ උරහිසට තුවාල සිදුව තිබේ. එමෙන්ම සමේ ඝර්ෂණ තුවාලද ඇතිවී ඇත.

ගුවන් යානය නැවත තෙසලෝනිකි වෙත ගෙන යන අතරතුර එහි සිටි වෛද්‍යවරයෙකු විසින් මගියාට ප්‍රතිකාර ලබාදී තිබේ. කවුළුව හරහා ඇතිවූ විවරය තාවකාලිකව ආවරණය කිරීම සඳහා මගීන් විසින් ගුවන් යානයේ මුළුතැන්ගෙයි භාවිත කරන ලෝහ පෙට්ටියක්ද යොදා ගැනීමට උත්සාහ කර ඇත.

එන්ජිමේ කුරුළු කොටස් හමුවෙයි

විමර්ශනයේදී එන්ජිමේ විවිධ ස්ථානවල පිහාටු සහ කුරුළු කොටස්ද සොයාගෙන තිබේ. කෙසේ වෙතත්, මෙම කුරුළු අවශේෂ හමුවීම පංකා තලය කැඩී යාමට කුරුල්ලෙකු ගැටීම හේතුවක් වූ බව තහවුරු කිරීමට ප්‍රමාණවත් නොවන බව NTSB පවසයි.

නඩත්තු වාර්තාවලට අනුව, අදාළ එන්ජිම පසුගිය වසරක කාලය තුළ කුරුල්ලන් ගැටුණු බවට සැක කෙරෙන සිදුවීම් හතරකට මුහුණ දී තිබේ. ඉන් අවස්ථා දෙකකදී කුරුළු අවශේෂද හමුවී ඇත.

එම එන්ජිමේ පංකා තල 2025 නොවැම්බර් සහ 2026 මැයි මාසවලදී අතිධ්වනි පරීක්ෂණවලට ලක් කර ඇති අතර, එම පරීක්ෂණවලදී කිසිදු හානියක් හඳුනාගෙන නොතිබූ බවද විමර්ශකයෝ සඳහන් කරති.

සිද්ධිය සම්බන්ධයෙන් NTSB හි විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන අතර, එන්ජින් පංකා තලය කැඩී යාමට බලපෑ නිශ්චිත හේතුව ඉදිරියේදී තීරණය කිරීමට නියමිතය.

ඇමරිකාවම හෙල්ලෙයි - වෙඩි වරුසාවක් - දැනටම 6ක් මරුට

ඇමරිකාවම හෙල්ලෙයි - වෙඩි වරුසාවක් - දැනටම 6ක් මරුට